"The Odyssey" චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ Oscar සම්මානලාභී Christopher Nolan, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ තම අදහස් පළ කරමින් AI තාක්ෂණය නිර්මාණශීලී කර්මාන්තයට "Trojan horse" එකක් මෙන් ඇතුළු කරමින් පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ AI මිනිසුන්ව සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරනු ඇතැයි පවසන අදහස "අර්ථ විරහිත" (nonsense) එකක් බවයි. Nolan ට අනුව, සිනමාව වැනි නිර්මාණශීලී ක්ෂේත්‍රවල සැබෑ වටිනාකම පවතින්නේ මිනිස් නිර්මාණශීලීත්වය සහ ප්‍රායෝගික (practical) නිර්මාණකරණය තුළයි.
ඔහු විශේෂයෙන්ම සඳහන් කළේ තරුණ පරම්පරාව AI මගින් නිර්මාණය කරන අන්තර්ගතයට ("AI slop") දැඩි විරෝධයක් දක්වන බවයි. ඒ හේතුවෙන් AI සිනමා කර්මාන්තය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද Nolan ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත්, AI තාක්ෂණය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකරන Nolan පවසන්නේ, එය නිර්මාණශීලී පුද්ගලයන්ට උපකාරක මෙවලමක් ලෙස ප්‍රයෝජනවත් විය හැකි නමුත්, මිනිස් නිර්මාණශීලීත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා භාවිත නොකළ යුතු බවයි.
මෙම ප්‍රකාශයන් සිදු කර ඇත්තේ "The Odyssey" චිත්‍රපටය නිකුත් වීමට පෙර ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී වන අතර, AI භාවිතය පිළිබඳ හොලිවුඩයේ පවතින විවාදය අතරතුර ඒවා වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.





