Anthropic සමාගමට අයත් Claude AI සේවාව ඔස්සේ users විසින් Share කර තිබූ conversations රැසක් Google Search Results හරහා සොයාගත හැකිව තිබූ බව අනාවරණය වී තිබේ.
Reddit users පිරිසක් විසින් විශේෂ Google Search query එකක් භාවිත කිරීමේදී, Claude තුළින් Share කර තිබූ conversations සහ Claude Artifacts රැසක් Search Results තුළ දිස්වන බව සොයාගෙන ඇත. මෙලෙස සොයාගත හැකි වූ content අතර crypto wallet keys, පුද්ගල නාම, ලිපින, රැකියා සම්බන්ධ සටහන් සහ වෙනත් සංවේදී තොරතුරු ද ඇතුළත්ව තිබූ බව Malwarebytes වාර්තා කරයි.
Private Chats සියල්ල Leak වී නොමැත
මෙම සිදුවීම Claude usersගේ සියලුම private conversations සම්බන්ධ data breach එකක් නොවේ.
Anthropic හි නිල තොරතුරු අනුව Claude conversations සාමාන්‍යයෙන් private ලෙස පවතී. නමුත් user කෙනෙකු Share button එක භාවිත කර conversation එකක් Share කළ විට, එම conversation එකේ snapshot එකක් public web link එකක් ලෙස නිර්මාණය වේ. Link එක සතු ඕනෑම පුද්ගලයෙකුට එය නැරඹිය හැකිය.
ගැටලුව වූයේ එවැනි public links Search Engines මගින් index කිරීම නිසා, link එක කලින් නොදන්නා පුද්ගලයන්ට පවා Google Search හරහා එම conversations සොයාගත හැකි වීමයි.
Anthropic සමාගම පවසා ඇත්තේ තමන් Search Engines වෙත shared chat directory එකක් හෝ sitemap එකක් ලබා නොදෙන බවයි. එහෙත් public link එකක් වෙනත් website එකක හෝ social media platform එකක පළ කර තිබුණහොත් Search Engine එකකට එය සොයාගැනීමට හැකි විය හැකිය.
Google Indexing ගැටලුව විසඳා ඇති බව වාර්තා වෙයි
July 28, 2026 දින පළවූ වාර්තා අනුව Anthropic විසින් Google Search තුළ Claude Shared Chats දිස්වීම වැළැක්වීමට අවශ්‍ය වෙනස්කම් සිදුකර තිබේ.
කෙසේවෙතත්, Search Results වලින් link එක ඉවත් වුවද conversation එකේ direct shared link එක තවමත් active නම්, එම link එක කලින් ලබාගත් පුද්ගලයෙකුට conversation එක නැරඹීමට හැකි විය හැකිය. එම නිසා Search Engine එකෙන් ඉවත් කිරීම පමණක් conversation එක සම්පූර්ණයෙන් private කිරීමක් නොවේ.
Share කළ Chats පරීක්ෂා කරන්නේ කොහොමද?
Claude user කෙනෙකුට මීට පෙර Share කළ conversations පහත ක්‍රමයට පරීක්ෂා කළ හැකිය.
Claude හි Settings > Privacy > Shared chats වෙත ගොස් Share කර ඇති conversations ලැයිස්තුව විවෘත කළ හැකිය. අවශ්‍ය නොවන conversation එකක් අසල ඇති Unshare option එක භාවිත කිරීමෙන් එහි public access ඉවත් කළ හැකිය.
AI chatbot එකක් සමග Share කරන conversation එකකට passwords, API keys, crypto wallet credentials, private documents, personal identification details හෝ ආයතනික රහස් ඇතුළත් නොකිරීම වැදගත් වේ.
Chat එකක Share button එක සාමාන්‍ය messaging app එකක forward කිරීමක් ලෙස නොව, එම content එක public web page එකක් ලෙස publish කිරීමකට ආසන්න ක්‍රියාවක් ලෙස සැලකීම වඩාත් ආරක්ෂිතය.





