OpenAI සමාගම සිය පළමු පාරිභෝගික Hardware උපාංගය ලෙස තිරයක් (display) නොමැති AI Smart Speaker එකක් සංවර්ධනය කරමින් සිටින බව Bloomberg වාර්තා කර තිබෙනවා.
Reuters වාර්තාවට අනුව, මෙම උපාංගය ChatGPT මත පදනම් වූ AI Companion එකක් ලෙස ක්‍රියා කරන අතර, Smart Home පාලනය, පණිවිඩ යැවීම, සංගීත වාදනය සහ ස්වභාවික සංවාද සිදු කිරීම වැනි හැකියාවන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. උපාංගයේ කැමරාවක් සහ සංවේදක (sensors) ද ඇතුළත් විය හැකි බව සඳහන් වෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා OpenAI විසින් හිටපු Apple ප්‍රධාන නිර්මාණකරු Jony Ive සම්බන්ධ වූ AI hardware startup එක වන io සමාගම ඩොලර් බිලියන 6.5කට අත්පත් කරගෙන තිබෙනවා





