OpenAI විසින් usersගේ personal health information එකම ස්ථානයකින් තේරුම් ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට උපකාරී වන Health in ChatGPT feature එක නිකුත් කර තිබෙනවා. මෙම feature එක හරහා Apple Health සහ support කරන medical records ChatGPT සමඟ securely connect කළ හැකියි.
Connected health data භාවිත කරමින් lab results තේරුම් ගැනීම, පැරණි results සමඟ වෙනස්කම් compare කිරීම, medications සහ activity information පරීක්ෂා කිරීම, sleep patterns තේරුම් ගැනීම සහ doctor appointment එකකට අවශ්‍ය questions සකස් කිරීම වැනි කාර්යයන් සඳහා ChatGPT භාවිත කළ හැකි බව OpenAI පවසනවා.
Usersට Apple Health වලින් exercise, sleep සහ වෙනත් activity data connect කළ හැකි අතර, support කරන ඇමෙරිකානු hospital systemsවල medical records, One Medical සහ Function Health වැනි services ද connect කළ හැකියි. Apple Health connect කිරීම සඳහා latest ChatGPT iOS app එක අවශ්‍ය වනවා.
Privacy ආරක්ෂාව සඳහා connected medical records, Apple Health information සහ එම data භාවිත කරන conversations OpenAI හි foundation models train කිරීමට හෝ targeted advertising සඳහා භාවිත නොකරන බව සමාගම සඳහන් කරනවා. ChatGPT එක health data භාවිත කිරීමට පෙර default ලෙස userගෙන් permission ඉල්ලන අතර, මෙම access settings පසුව වෙනස් කිරීමටද හැකියි.
Health feature එක දැනට ඇමෙරිකාවේ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි logged-in users සඳහා Web සහ iOS හරහා rollout වෙමින් පවතිනවා. එය Free, Go, Plus සහ Pro plans සඳහා ලබාදෙන අතර දැනට Codex තුළ ලබාගත නොහැකියි.
කෙසේ වෙතත්, ChatGPT Health feature එක medical professional කෙනෙකු වෙනුවට diagnosis හෝ treatment ලබාදීමට නිර්මාණය කළ service එකක් නොවන බව OpenAI අවධාරණය කරනවා. එය usersට තම health information වඩාත් හොඳින් තේරුම්ගෙන healthcare professional කෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට උපකාරී වන tool එකක් ලෙස භාවිත කළ යුතුයි.





