OpenAI විසින් ChatGPT Free users සඳහා පවතින text chat limits ඉවත් කරමින් unlimited text chats ලබාදීමට සූදානම් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙම වෙනසත් සමඟ Free සහ Go users සඳහා නව GPT-5.6 Luna model එක default model එක ලෙස ලබාදීමට නියමිතයි.

OpenAI සඳහන් කරන ආකාරයට GPT-5.6 Luna Free users සඳහා මේ සතිය තුළ rollout කිරීම ආරම්භ වන අතර, 2026 අගෝස්තු 10 සිට ආරම්භ වන සතිය තුළ unlimited text chats සහ නව Think button එක ලබාදීමට නියමිතයි. Think button එක භාවිතයෙන් වඩා සංකීර්ණ ප්‍රශ්න සඳහා model එකට වැඩි reasoning ලබාගැනීමට හැකි වනවා.

කෙසේ වෙතත් unlimited access එක ලැබෙන්නේ text chats සඳහා පමණයි. File uploads, images සහ අනෙකුත් tools සඳහා දැනට පවතින usage limits තවදුරටත් ක්‍රියාත්මක වන අතර unlimited text chats සඳහාද abuse guardrails ක්‍රියාත්මක වන බව OpenAI පවසනවා.

මේ අතර ChatGPT Plus සහ Pro users සඳහා GPT-5.6 Sol හි updated version එකද හඳුන්වා දී තිබෙනවා. ඒ සමඟ පිළිතුරක් ලබාදීමේදී model එක කොපමණ reasoning භාවිත කළ යුතුද යන්න පාලනය කිරීමට නව thinking slider එකක්ද ලබාදී තිබෙනවා.

OpenAI සිදු කළ internal evaluation එකකට අනුව GPT-5.5 Instant සමඟ සැසඳීමේදී, අවම වශයෙන් එක් factual error එකක් අඩංගු පිළිතුරු GPT-5.6 Luna හි 62%කින් සහ GPT-5.6 Sol හි 68%කින් අඩු වී තිබෙන බව සමාගම සඳහන් කරනවා.

OpenAI අනුව මේ වනවිට සෑම සතියකම බිලියනයකට ආසන්න පිරිසක් ChatGPT භාවිත කරන අතර, Free users සඳහා text conversations වල rate limit එක ඉවත් කිරීම මඟින් නව AI models සඳහා වැඩි පිරිසකට ප්‍රවේශය ලබාදීම මෙම update එකේ ප්‍රධාන අරමුණක් බව සමාගම පෙන්වා දෙනවා.

Source·OpenAI Official Announcement·TechCrunch