UPDATE - මේ වන විට සියලු සේවාවන් නැවතත් යථාතත්වයට පත්වී ඇතිබව OpenAI Status වෙබ් අඩවිය මීට සුලු මොහොතකට පෙර වාර්තා කර තිබේ.

recover-chatgpt

වත්මන් OpenAI නිල Status පිටුවේ මෙසේ සඳහන් වේ:

openaistatus

“We’re currently experiencing issues Elevated error rates We are investigating the issue for the listed services.”

මෙය APIs, ChatGPT සහ Codex සේවාවන්ට බලපා ඇති බව වාර්තා වේ.

downdetector-openai

DownDetector වෙබ් අඩවියේ පරිශීලක වාර්තා අනුව OpenAI සේවාවන්හි ගැටලු වාර්තා වෙමින් පවතී. වාර්තා වූ ගැටලු අතරින් 80%ක් ChatGPT හා සම්බන්ධ වන අතර, App සහ Codex සඳහා ‍යම් යම් ගැටලු වාර්තා වී තිබේ. පරිශීලකයන් server error, login ගැටලු, “Too many concurrent request” වැනි දෝෂ සහ සේවාවට සම්බන්ධ වීමට නොහැකි වීම ගැන පැමිණිලි කර ඇත. මෙම වාර්තා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවලින් ලැබී ඇත.

Most reported problems - DownDetector
Most reported problems - DownDetector
Source·OpenAI Status·Downdetector