Google සමාගම විසින් Google Account වෙත පිවිසීම සඳහා Selfie Video භාවිත කළ හැකි නව sign-in සහ account recovery ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
මෙම feature එක විශේෂයෙන්ම සාමාන්‍යයෙන් භාවිත කරන phone එක හෝ computer එක අහිමි වූ විට, නැතහොත් Google Account එකට sign in වීමට නොහැකි වූ විට account access නැවත ලබාගැනීම සඳහා භාවිත කළ හැකිය.
Feature එක setup කිරීමේදී user විසින් device එකේ camera එක දෙස බලා, Google ලබාදෙන උපදෙස් අනුව හිස විවිධ දිශාවලට හරවමින් කෙටි Selfie Video එකක් record කළ යුතුය. ඉන්පසුව Account recovery අවස්ථාවක record කරන නව video එක, කලින් save කර ඇති Selfie Video එක සමඟ compare කර userගේ අනන්‍යතාව තහවුරු කරනු ලබයි.
Google සඳහන් කරන්නේ saved Selfie Video එක encrypted ආකාරයෙන් ගබඩා කරන බවත්, එය Google Account එකෙන් ඕනෑම අවස්ථාවක delete කළ හැකි බවත්ය. Fake photos, prerecorded videos සහ Deepfake වැනි impersonation attempts වැළැක්වීම සඳහා live head movements සහ අනෙකුත් security checks ද භාවිත කෙරේ.
මෙය traditional recovery email හෝ phone number එක සඳහා සම්පූර්ණ ආදේශකයක් නොව, Google Account එක ආරක්ෂා කරගැනීම සඳහා ලබාදෙන අමතර recovery option එකකි.
කෙසේවෙතත්, Selfie Video feature එක මේ වන විට සියලුම regions, Accounts සහ devices සඳහා ලබාදී නොමැත. Google Workspace Accounts, Child Accounts සහ Advanced Protection Program වෙත ඇතුළත් Accounts සඳහාද දැනට මෙම feature එක setup කළ නොහැකිය.
Eligible usersලට Google Account → Security & sign-in → How you sign in to Google → Selfie Video වෙත පිවිස මෙය setup කළ හැකිය. Account එකෙන් lock වූ පසුව මෙම feature එක අලුතින් setup කළ නොහැකි බැවින්, එය කලින් සක්‍රිය කර තිබීම අවශ්‍ය වේ.





