Google Search හරහා තම Instagram, TikTok, X සහ YouTube content සොයාගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට creatorsලාට පහසුකම් ලබාදෙන නව Platform Properties feature එක Google Search Console වෙත එක්කර තිබේ.
මෙම feature එක මුලින් 2026 ජූලි 7 වැනිදා හඳුන්වා දුන් අතර, Google විසින් ජූලි 29 වැනිදා නිවේදනය කළ පරිදි දැන් එය ලොව පුරා සියලුම සුදුසු users සඳහා ලබාදී තිබේ.
මීට පෙර Google Search Console ප්‍රධාන වශයෙන් websites සහ ඒවායේ pages වල Search performance පරීක්ෂා කිරීමට භාවිත විය. නමුත් අලුත් Platform Properties හරහා තමන්ගේම website එකක් නොමැති content creator කෙනෙකුට පවා social media සහ video content Google Search, Google Discover සහ Google News තුළ ක්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.
දැනට මෙම පහසුකම පහත platforms සඳහා සහාය දක්වයි:
- TikTok
- X
- YouTube
Creator කෙනෙකුට තම account එක Search Console වෙත connect කිරීමෙන් පසුව Google Search හරහා ලැබුණු total clicks, impressions සහ වෙනත් performance metrics පරීක්ෂා කළ හැකියි. වැඩිම traffic ලබාදෙන posts සහ usersලා භාවිත කළ search queries වෙන වෙනම filter කර බැලීමටත් data export කිරීමටත් හැකියාව ලැබේ.

Search Console හි Insights report එක හරහා මෑතකාලීන traffic trends, top-performing posts සහ Google තුළින් usersලා තම account එක සොයාගත් ආකාරය පිළිබඳ සරල overview එකක් ලබාගත හැකියි. Clicks සංඛ්‍යාවක් වැනි නව milestone එකකට ළඟා වූ විට එය Achievements section එක තුළද පෙන්වනු ලැබේ.
Google විසින් නිකුත් කළ අලුත් Social and Video Performance Guide එක අනුව creatorsලාට top, trending up සහ trending down search query groups හඳුනාගත හැකියි. ඒවා භාවිත කරමින් අලුත් video topics, captions සහ hashtag strategies පිළිබඳ තීරණ ගැනීමට හැකි වේ.
එමෙන්ම පැය 24ක filter එක භාවිත කරමින් අලුත් post එකකට Google Search වෙතින් හදිසියේ traffic වැඩිවී තිබේදැයි පරීක්ෂා කළ හැකියි. එවැනි trending content වෙනත් platforms තුළ නැවත promote කිරීමටද මෙය උපකාරී වේ.
YouTube, Instagram, TikTok සහ X properties වල data වෙන වෙනම export කර එක් spreadsheet එකකට ඇතුළත් කිරීමෙන් platforms අතර performance එක සංසන්දනය කිරීමටත් හැකියි. Short-form videos සහ full-length videos අතර Google Search traffic එක වෙනස් වන ආකාරයද Search Console filters සහ comparison mode හරහා පරීක්ෂා කළ හැකියි.
පැරණි video එකකට නැවත Google Search traffic ලැබීමට පටන්ගෙන තිබේ නම්, එය feed එකේ pin කිරීම, caption හෝ title එක update කිරීම සහ එම topic එකේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීම වැනි තීරණ ගැනීමටද මෙම data ප්‍රයෝජනවත් වෙයි.
Platform Property එකක් එක් කිරීමට Google Search Console විවෘත කර Add property option එක තෝරා Instagram, TikTok, X හෝ YouTube platform එකක් තෝරාගත යුතුය. ඉන්පසුව පෙන්වන verification සහ authorization steps සම්පූර්ණ කිරීමෙන් account එක connect කළ හැකියි.
මෙම update එකත් සමඟ Google Search Console තවදුරටත් website ownersලාට පමණක් සීමා වූ tool එකක් නොවී, social media creators, video publishers සහ SEO professionalsලාටද තම content strategy එක Google Search data මත පදනම්ව සකස් කළ හැකි platform එකක් බවට පත්වෙමින් තිබේ.
Source - Google Search Central





