Google සමාගම සිය ඉදිරි foldable smartphone එක වන Pixel 11 Pro Fold පිළිබඳ පළමු official teaser video එක නිකුත් කර තිබේ.
“Google Pixel 11 Pro Fold | Open” ලෙස නම් කර ඇති තත්පර 15ක මෙම video එක තුළ smartphone එකේ සම්පූර්ණ design එක අනාවරණය නොකළද, device එක විවෘත වන ආකාරය සහ එහි foldable design එක පිළිබඳ කෙටි දර්ශන කිහිපයක් පෙන්වා ඇත.
Google විසින් teaser video එක අවසානයේ 2026 අගෝස්තු 12 දිනය ප්‍රදර්ශනය කරන අතර, එදින පැවැත්වෙන Made by Google event එකේදී Pixel 11 Pro Fold ඇතුළු නව Pixel devices නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතය.
Made by Google 2026 event එක New York නගරයේදී අගෝස්තු 12 වැනිදා සවස 6.00ට Eastern Time අනුව ආරම්භ වේ. ශ්‍රී ලංකා වේලාවෙන් event එක ආරම්භ වන්නේ අගෝස්තු 13 වැනිදා අලුයම 3.30ට ය.
Google විසින් මේ දක්වා Pixel 11 Pro Fold හි සම්පූර්ණ specifications, price සහ availability පිළිබඳ නිල තොරතුරු නිකුත් කර නොමැත. එම තොරතුරු Made by Google event එකේදී හෙළි කිරීමට බලාපොරොත්තු වේ.
Pixel 11 series එක යටතේ Pixel 11, Pixel 11 Pro, Pixel 11 Pro XL සහ Pixel 11 Pro Fold devices හඳුන්වා දෙනු ඇතැයි වාර්තා වන නමුත්, Google විසින් නිල වශයෙන් සඳහන් කර ඇත්තේ event එකේදී “next generation of Pixel” එළිදක්වන බව පමණි.




