AI chip ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන NVIDIA විසින් ජනප්‍රිය Artificial Intelligence platform එකක් වන Hugging Face සමාගම ඩොලර් බිලියන 12.93කට අත්පත් කරගැනීමට එකඟ වී තිබෙනවා.

NVIDIA CEO Jensen Huang විසින් සැප්තැම්බර් 3 වනදා මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන අතර Hugging Face platform එක තවදුරටත් open AI ecosystem එකක් ලෙස පවත්වාගෙන යන බවද සඳහන් කර තිබෙනවා.

Hugging Face අද වන විට ලොව AI developers සහ researchers අතර ඉතා ජනප්‍රිය platform එකක්. NVIDIA සඳහන් කරන ආකාරයට එය developers, researchers සහ creators මිලියන 18කට වැඩි පිරිසක් භාවිත කරන අතර AI models මිලියන 3කට වැඩි ප්‍රමාණයක් එහි share කර තිබෙනවා. ඒ වගේම datasets 500,000කට වැඩි ප්‍රමාණයක් සහ AI applications මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් platform එක තුළ පවතිනවා.

මෙම ගනුදෙනුවෙන් පසුවත් Hugging Face භාවිත කිරීමට NVIDIA GPU එකක් අනිවාර්ය නොවන බව NVIDIA පවසනවා. Developersට තමන් කැමති AI models, frameworks, cloud providers සහ computing platforms භාවිත කිරීමට තවදුරටත් හැකියාව ලැබෙනු ඇති.

Open-source සහ open-weight AI models සඳහා Hugging Face ලබාදී තිබෙන සහායද දිගටම පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා. NVIDIA සමාගම Hugging Face infrastructure එක ශක්තිමත් කිරීම, AI model evaluation, inference සහ deployment පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා තම computing infrastructure සහ engineering resources භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවා.

NVIDIA දැනටමත් Hugging Face platform එකට models 500කට වැඩි ප්‍රමාණයක් සහ datasets 250කට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇති ප්‍රධාන contributor සමාගමක්ද වනවා.

AI hardware වෙළඳපොළේ ඉතා බලවත් ස්ථානයක් හිමි NVIDIA විසින් ලොව විශාලතම open AI communities අතරින් එකක් වන Hugging Face අත්පත් කරගැනීම AI ක්ෂේත්‍රයේ ඉදිරි දිශාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ගනුදෙනුවක් ලෙස සැලකිය හැකියි.

Source·Nvidia Blog