NVIDIA විසින් සිය නවතම DGX GB300 Grace Blackwell technology මත පදනම් වූ AI supercomputer system එකක් එක්සත් ජනපද Naval Postgraduate School (NPS) සමඟ සම්බන්ධ nonprofit ආයතනයක් වන NPS Foundation වෙත පරිත්‍යාග කර තිබේ.

NPS සහ NVIDIA පසුගිය බදාදා (22) මේ පිළිබඳ නිවේදනය කළ අතර, මෙම system එක California ප්‍රාන්තයේ Monterey හි පිහිටි NPS campus එකේ ස්ථාපනය කර ක්‍රියාත්මක කර ඇත. මෙය NVIDIA සමාගමේ නවතම AI server technology එක එක්සත් ජනපද හමුදාව විසින් සෘජුව භාවිත කරන පළමු අවස්ථාව ලෙසද සඳහන් වේ.

Naval Postgraduate School යනු එක්සත් ජනපද නාවික හමුදාව විසින් පවත්වාගෙන යන graduate university එකකි. එම ආයතනය Computer Science, Aerospace Engineering සහ අනෙකුත් ආරක්ෂක හා හමුදා ක්ෂේත්‍රවලට සම්බන්ධ විෂයන් සඳහා Master’s සහ Doctoral උපාධි පිරිනමයි. මෙහිදී පැහැදිලි කළ යුතු කරුණ වන්නේ NVIDIA විසින් පරිත්‍යාගය සිදුකර ඇත්තේ NPS ආයතනය nonprofit ආයතනයක් ලෙස සලකා නොව, NPS සමඟ සම්බන්ධ nonprofit ආයතනය වන NPS Foundation වෙත බවයි.

මෙම DGX GB300 system එක මගින් NPS සිසුන්ට, පර්යේෂකයන්ට සහ කාර්ය මණ්ඩලයට විශාල AI models train කිරීම, inference සිදු කිරීම සහ high-fidelity simulations ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය computing power ලබාදෙනු ඇත. Weather prediction, Cybersecurity, disaster response planning, ocean research සහ digital twin development වැනි ක්ෂේත්‍ර සඳහාද මෙය භාවිත කිරීමට නියමිතය.

NVIDIA CEO ජෙන්සන් හුවාං Monterey campus හි පැවති system commissioning උත්සවයට සහභාගී වූ අතර, නියමිත වේලාවට නිවැරදි තොරතුරු සහ අවබෝධය ලබාගැනීම ජාතික ආරක්ෂාව සඳහා ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.

එක්සත් ජනපද Pacific Command හි අණදෙන නිලධාරී Admiral Samuel J. Paparo ප්‍රකාශ කර ඇත්තේ රටේ technology නවීකරණය කරන අතරම, අනාගත නායකයන් දැනුවත් කරන සහ පුහුණු කරන ආකාරයද නවීකරණය කළ යුතු බවයි. Advanced computing පහසුකම් ලබාදීමෙන් NPS සිසුන්ට සහ පර්යේෂකයන්ට AI technology සමඟ ඇති අවස්ථා මෙන්ම වගකීම්ද අවබෝධ කරගැනීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Source·Reuters·NVIDIA·Naval Postgraduate School