එක්සත් ජනපදයේ Illinois විශ්වවිද්‍යාලයේ ශිශ්‍යයෙකු Snapchat හැක් කර නිරුවත් සහ අර්ධ නිරුවත් චායාරූප සොරකම් කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ විකිනූ බවට පිලිගැනීමෙන් අනතුරුව ජූලි 21 වන දින ඔහුට වසර 6ක සිරදඩුවමක් නියමවිය.

27 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයාට දිස්ත්‍රික් විනිසුරු බ්‍රයන් මර්ෆි විසින් මාස 76ක සිර දඩුවමක් පැනවූ අතර ඔහුගේ නීතීඥවරයා පවසා ඇත්තේ ඔහු "ඔහුගේ ක්‍රියාවන්ට පසුතැවෙන සහ ලැජ්ජාව"න බවයි.

නඩු පවරන්නන්ට අනුව 2020 මැයි සිට 2021 පෙබරවාරි දක්වා මොහු කාන්තාවන් 1500කට පමණ නිර්නාමිකව පෙනී සිටිමින් ස්නැප්චැට් ඔස්සේ කෙටි පනිවිඩ යැවීම සිදු කර ඇති අතර ඉන් අවම වශයෙන් 57දෙනෙකුගේ නිරුවත් සහ අර්ධ නිරුවත් චායාරූප සොරා ගැනීම සිදුකර ඇත. එය සිදු කර ඇත්තේ අන්තර්ජාල ආධාරක කන්ඩායමක් ලෙස පෙනීසිටිමින් කාන්තාවන්ගේ ගිනුම් වලට ප්‍රවේශ අවසර ලබාගැනීම මගිනි.

Source·Reuters