Apple සහ Ford එක්ව, Ford සමාගමේ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Universal Electric Vehicle Platform එකට Apple Maps directly integrate කිරීමට සූදානම් වනවා. මෙම පහසුකම 2027 වසරේදී Ford වාහන වෙත පැමිණීමට නියමිතයි.
මෙය සාමාන්‍ය CarPlay integration එකක් නොවන අතර, Apple හි අලුත් MapKit for Automotive SDK එක භාවිත කර Apple Maps වාහනයේ built-in displays තුළම ක්‍රියාත්මක වන ලෙස සකස් කරනවා. ඒ අනුව iPhone එකක් connect නොකරත් navigation පහසුකම් භාවිත කිරීමට හැකි වනු ඇත.
මෙම system එක හරහා natural language භාවිත කරන turn-by-turn directions, real-time traffic සහ road incident information, detailed place search සහ හොඳම route එක තෝරාගැනීම සඳහා routing options ලබාදීමට නියමිතයි. Electric Vehicles සඳහා battery preconditioning ඇතුළත් intelligent EV routing පහසුකමක්ද ලබාදෙනවා.
Apple Maps වෙතින් ලබාගන්නා road-level information, Ford හි ඉදිරි BlueCruise hands-free driving system එක සංවර්ධනය කිරීමටද භාවිත කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, Ford වාහන සඳහා CarPlay support එක දිගටම ලබාදෙන බව Apple සමාගම සඳහන් කරනවා.
Apple පවසන්නේ වාහනයේ map එක භාවිත කරන පුද්ගලයා හඳුනාගත හැකි ආකාරයට location details හෝ map activity එකතු නොකරන බවයි.





