වසර 15ක කාලයක් Apple සමාගමේ CEO ලෙස කටයුතු කළ Tim Cook, සිය CEO ධුරයෙන් ඉවත් වී Apple හි Executive Chairman ලෙස නව භූමිකාවකට මාරු වී තිබෙනවා. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස Apple හි දිගුකාලීන Hardware Engineering ප්‍රධානියා වූ John Ternus නව CEO ලෙස පත් කර තිබෙනවා.
Apple විසින් මෙම leadership transition එක මුලින්ම 2026 අප්‍රේල් මාසයේදී නිවේදනය කළ අතර, එය September 1, 2026 සිට ක්‍රියාත්මක වන බව සඳහන් කර තිබුණා. Apple Board of Directors විසින්ද මෙම පත්කිරීම ඒකමතිකව අනුමත කර තිබෙනවා.
Tim Cook විසින් Apple community එක වෙනුවෙන් නිකුත් කළ විශේෂ ලිපියකදී, පසුගිය වසර 15 පුරා Apple users ලාගෙන් ලැබුණු emails සහ ඔවුන්ගේ අත්දැකීම් තමන්ට විශාල බලපෑමක් කළ බව සඳහන් කර තිබෙනවා.
ඔහු මෙම වෙනස “goodbye” එකක් නොවන බවත්, CEO ධුරයෙන් ඉවත් වුවද Apple සමඟ දිගටම කටයුතු කරන බවත් පැහැදිලි කර තිබෙනවා. Executive Chairman ලෙස Cook, Apple හි ඇතැම් වැදගත් කටයුතු සහ ලොව පුරා policymakers සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමටද දායක වීමට නියමිතයි.
Tim Cook යටතේ Apple වෙනස් වූ ආකාරය
Tim Cook 1998දී Apple සමඟ එක්වූ අතර, Steve Jobsගෙන් පසු 2011දී Apple CEO ලෙස පත් වුණා.
ඔහුගේ නායකත්ව කාලය තුළ Apple Watch, AirPods සහ Apple Vision Pro වැනි නව product categories හඳුන්වා දීමත්, Apple Pay, Apple Music සහ Apple TV වැනි services විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමත් සිදු වුණා. Apple විසින් Intel processors වලින් ඉවත් වී තමන්ගේම Apple Silicon chips භාවිතයට මාරු වීමද Cookගේ කාලයේ සිදු වූ වැදගත් වෙනසක්.
2011දී ආසන්න වශයෙන් 50 billion ක් වූ Apple හි market value එක Cookගේ නායකත්වය යටතේ $4 trillion සීමාව දක්වා වර්ධනය වූ අතර, වාර්ෂික revenue එකද 2011 fiscal year හි
Apple හි නව CEO — John Ternus
Tim Cookගෙන් පසු Apple මෙහෙයවීම භාරගෙන තිබෙන්නේ John Ternus විසිනුයි.
Ternus 2001දී Apple සමඟ එක්වූ engineer කෙනෙක් වන අතර, 2013දී Hardware Engineering Vice President බවටත් 2021දී Senior Vice President of Hardware Engineering බවටත් පත්වුණා.
iPad සහ AirPods ඇතුළු product lines කිහිපයක development සඳහා මෙන්ම iPhone, Mac සහ Apple Watch generations රැසක hardware engineering සඳහාද ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
Tim Cook තම community letter එකේ Ternus ගැන සඳහන් කරමින්, Apple products නිර්මාණය කිරීම වෙනුවෙන් වසර 25ක් පුරා කටයුතු කළ brilliant engineer සහ thinker කෙනෙකු ලෙස ඔහුව හඳුන්වා දී ඇති අතර, Apple හි ඉදිරි ගමන මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ඔහු බවද පවසා තිබෙනවා.
John Ternus නව CEO ලෙස Apple භාරගන්නේ Artificial Intelligence ක්ෂේත්රයේ තරඟකාරීත්වය, global supply chain අභියෝග සහ Apple හි මීළඟ පරම්පරාවේ products සම්බන්ධයෙන් තීරණාත්මක කාලයකදීයි.
වසර 15කට ආසන්න කාලයක් Apple හි නායකත්වය දැරූ Tim Cookගේ CEO යුගය මෙසේ අවසන් වුවද, Executive Chairman ලෙස ඔහු Apple සමඟ දිගටම රැඳී සිටිනවා.





