Apple සමාගම සිය Digital Payment සේවාව වන Apple Pay, Philippines පරිශීලකයන් සඳහා 2026 අගෝස්තු 4 වනදා සිට නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.
මෙම හඳුන්වාදීමත් සමඟ Philippines හි පරිශීලකයන්ට iPhone, Apple Watch, iPad සහ Mac devices භාවිත කරමින් physical stores, apps සහ websites තුළ contactless payments සිදු කිරීමට හැකියාව ලැබෙනවා.
Apple Pay හඳුන්වාදෙන අවස්ථාවේදී Chinabank, GoTyme Bank, Metrobank සහ UnionBank යන බැංකු විසින් නිකුත් කරන සුදුසු Visa සහ Mastercard debit, credit සහ prepaid cards සඳහා සහාය ලබාදී තිබෙනවා. ඉදිරියේදී තවත් banks සහ card providers සේවාවට එක්වනු ඇති බවද Apple සඳහන් කරනවා.
Apple Pay භාවිතයෙන් Store එකක් තුළ Payment එකක් සිදු කිරීම සඳහා iPhone එකේ Side Button හෝ Home Button එක දෙවරක් ඔබා, Face ID හෝ Touch ID මඟින් අනන්‍යතාව තහවුරු කර Contactless Payment Reader එකට device එක ළං කළ යුතුයි. Apple Watch භාවිත කරන පරිශීලකයන්ටද Watch එක Payment Reader එක අසල තැබීමෙන් ගෙවීම සිදු කළ හැකියි.
Apps සහ websites තුළ ගෙවීම් කිරීමේදී නැවත නැවතත් Card Number, Contact Information, Shipping Address සහ Billing Information ඇතුළත් කිරීමේ අවශ්‍යතාවද Apple Pay මඟින් අඩු කරනවා.
Apple සමාගමට අනුව Apple Pay තුළ භාවිත කරන සැබෑ Credit හෝ Debit Card Number එක device එකේ හෝ Apple servers තුළ ගබඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට එක් එක් device එක සඳහා විශේෂ Device Account Number එකක් නිර්මාණය කර එය Secure Element ලෙස හැඳින්වෙන ආරක්ෂිත chip එකක් තුළ encrypted ආකාරයෙන් ගබඩා කරනවා.
Apple විසින් පරිශීලකයා හඳුනාගත හැකි Apple Pay Transaction History එකක් රඳවා නොගන්නා අතර, transaction details පරිශීලකයා, merchant සහ අදාළ bank හෝ card issuer අතර පමණක් පවතින බව සඳහන් කරනවා. iPhone එක අස්ථානගත වුවහොත් Find My සේවාව භාවිතයෙන් device එක lock කිරීම හෝ Apple Pay payments තාවකාලිකව නතර කිරීමද කළ හැකියි.
Philippines තුළ Ayala Malls, Jollibee, Foot Locker, Shake Shack, Power Mac Center සහ WalterMart Supermarket ඇතුළු Stores රැසක් Apple Pay සඳහා සහාය දක්වනවා. foodpanda, Shopee, Jollibee සහ Rustan’s වැනි apps සහ websites තුළද Apple Pay භාවිත කළ හැකියි.
එමෙන්ම Philippines හි Payment Processor එකක් වන Maya Business විසින් Online Merchants 5,000කට වැඩි සංඛ්‍යාවක් සඳහා Apple Pay support ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.
Apple Pay මේ වනවිට ලොව රටවල් සහ කලාප 90කට වැඩි සංඛ්‍යාවක ලබාගත හැකි අතර, ලොව පුරා Banks සහ Financial Institutions 11,000කට වැඩි සංඛ්‍යාවක් සමඟ ක්‍රියාත්මක වනවා.





