WhatsApp විසින් Spotify සහ Apple Music හරහා අසමින් සිටින ගීත සෘජුවම WhatsApp Status වෙත බෙදාගැනීමේ නව පහසුකම හඳුන්වාදී තිබේ.

අදාළ music app එක තුළ ගීතයක් තෝරා Share option එකෙන් WhatsApp Status තෝරාගැනීමෙන් පියවර කිහිපයකින් එය publish කළ හැකිය. එවිට මිතුරන්ට ඔබ මේ මොහොතේ අසමින් සිටින ගීතය දැකගැනීමට සහ අදාළ music service එක හරහා එය විවෘත කිරීමට හැකි වේ.

WhatsApp විසින් එය වෙනම feature එකක් ලෙස හඳුන්වාදී තිබේ. කෙසේවෙතත් rollout එක අදියරෙන් අදියර සිදුවන බැවින් සියලුම පරිශීලකයන්ට එකවර නොපෙනිය හැකිය.

Source·Whatsapp Blog