ලොව ජනප්‍රියම Messaging සේවාවක් වන WhatsApp, 2026 සැප්තැම්බර් 8 වනදා සිට පැරණි Android සංස්කරණ කිහිපයක් සඳහා ලබාදෙන සහාය නතර කිරීමට නියමිතයි.

WhatsApp නිල Help Center වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි, දැනට Android 5.0 සහ ඊට නව සංස්කරණ සඳහා WhatsApp සහාය ලබාදෙන අතර, 2026 සැප්තැම්බර් 8 සිට Android 6.0 සහ ඊට නව සංස්කරණ පමණක් WhatsApp විසින් සහාය දක්වනු ඇත.

ඒ අනුව Android 5.0 සහ Android 5.1 මත තවමත් ක්‍රියාත්මක වන දුරකථන මෙම වෙනසෙන් ප්‍රධාන වශයෙන් බලපෑමට ලක්වනු ඇත.

WhatsApp පවසන්නේ පැරණි operating systems සඳහා support නතර කිරීමට පෙර අදාළ පරිශීලකයන්ට WhatsApp තුළ notifications සහ reminders කිහිපයක් ලබාදෙන බවයි. WhatsApp දිගටම භාවිත කිරීමට නම් ඔවුන්ගේ operating system එක update කිරීම හෝ Android 6.0 හෝ ඊට නව සංස්කරණයක් සහිත දුරකථනයක් භාවිත කිරීම අවශ්‍ය විය හැකියි.

පැරණි operating systems වලට නවතම security updates නොලැබීම සහ WhatsApp හි නව features ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැති වීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින්, WhatsApp විසින් සෑම වසරකම පැරණි devices සහ operating systems පිළිබඳව සමාලෝචනය කරන බවද සමාගම සඳහන් කරයි.

ඔබේ Android Version එක Check කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් Settings → About Phone → Android Version වෙත ගොස් ඔබේ දුරකථනය භාවිත කරන Android version එක පරීක්ෂා කළ හැකියි.

ඔබේ දුරකථනය Android 6.0 හෝ ඊට නව version එකක් භාවිත කරන්නේ නම් මෙම සැප්තැම්බර් 8 වෙනස හේතුවෙන් WhatsApp support අහිමි නොවේ.

Source·Whatsapp