Apple විසින් iPhone, iPad, Mac සහ Apple Watch වැනි devices එකවර සම්පූර්ණ මුදල ගෙවා මිලදී ගැනීම වෙනුවට මාසික ගෙවීමක් යටතේ භාවිත කිරීමට හැකි Apple Upgrade නමින් නව hardware leasing program එකක් හඳුන්වා දී තිබේ.

Klarna සමාගම සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම සේවාව දැනට එක්සත් ජනපදයේ Apple Store Online, Apple Store app සහ Apple Store retail locations හරහා ලබාගත හැකිය.

මෙය සාමාන්‍ය installment හෝ loan ක්‍රමයක් නොව consumer lease එකකි. ඒ අනුව lease කාලය තුළ device එකේ නීතිමය හිමිකාරීත්වය පාරිභෝගිකයාට නොලැබෙන අතර, නියමිත කාලය අවසන් වූ පසු device එක ආපසු ලබාදීම, අලුත් model එකකට upgrade කිරීම හෝ ඉතිරි මුදල එකවර ගෙවා device එක මිලදී ගැනීම සිදු කළ හැකිය.

Apple Upgrade යටතේ iPhone සහ Apple Watch සඳහා මාස 12ක් හෝ 24ක් ද, Mac සහ iPad සඳහා මාස 24ක් හෝ 36ක් ද වන leasing plans ලබා දී තිබේ.

මාසික ගෙවීම් ආරම්භ වන්නේ,

  • iPhone සඳහා
    7.99 සිට
  • Apple Watch සඳහා
    1.99 සිට
  • Mac සඳහා main4.99 සිට
  • iPad සඳහා
    1.99 සිට

යන මිල ගණන්වලිනි. Device model එක, lease කාලය සහ Trade In credit එක අනුව අවසාන මාසික ගෙවීම වෙනස් විය හැකිය.

Apple Upgrade සඳහා අයදුම් කරන පාරිභෝගිකයන් Klarna හරහා eligibility check එකකට ලක්වන අතර, මේ සඳහා සිදුකරන soft credit inquiry එක credit score එකට බලපෑමක් නොකරන බව Apple සඳහන් කරයි. දැනට භාවිත කරන සුදුසු device එකක් Apple Trade In හරහා ලබාදීමෙන් මාසික lease ගෙවීම තවදුරටත් අඩු කරගත හැකිය.

Lease කාලය සම්පූර්ණ වීමෙන් පසු අමතර upgrade fee එකක් නොමැතිව නව device එකකට මාරු විය හැකිය. නමුත් lease කාලය අවසන් වීමට පෙර upgrade කිරීමට හෝ සේවාවෙන් ඉවත් වීමට අවශ්‍ය නම්, ඉතිරි මාසික ගෙවීම්වල වටිනාකම දක්වා early termination fee එකක් ගෙවීමට සිදුවිය හැකිය.

Device එක damage වී AppleCare coverage එකක් නොමැතිව ආපසු ලබාදුනහොත් Klarna විසින් damage fee එකක් අය කළ හැකිය. AppleCare මෙම leasing plan එකට ස්වයංක්‍රීයව ඇතුළත් නොවන අතර, අවශ්‍ය පාරිභෝගිකයන්ට එය වෙනම subscription එකක් ලෙස ලබාගත හැකිය.

මෙම නව සේවාව හඳුන්වාදීමත් සමඟ Apple සමාගම එක්සත් ජනපදයේ පැවති iPhone Upgrade Program සහ iPhone Payments සඳහා නව enrollments ලබාදීම නවතා තිබේ. දැනට එම සේවාවල සිටින සුදුසු පාරිභෝගිකයන්ට Apple Upgrade, Apple Card Monthly Installments, carrier financing හෝ සම්පූර්ණ මුදල ගෙවා මිලදී ගැනීම අතරින් ක්‍රමයක් තෝරාගත හැකිය.

Apple Upgrade මගින් devices සඳහා ගෙවන මාසික මුදල අඩු කළ හැකි වුවද, lease කාලය අවසානයේ device එක ආපසු ලබාදුනහොත් එහි resale හෝ Trade In වටිනාකම පාරිභෝගිකයාට නොලැබේ. එබැවින් නිතරම අලුත් Apple device එකකට upgrade වන පාරිභෝගිකයන්ට මෙය පහසු විකල්පයක් විය හැකි නමුත්, දිගුකාලීනව device එක තබාගැනීමට බලාපොරොත්තු වන අය lease terms සහ සම්පූර්ණ වියදම සැලකිල්ලෙන් පරීක්ෂා කළ යුතුය.

Source·Apple Newsroom·Apple Upgrade Official Support Pages