Amazon සමාගමට අයත් Amazon Web Services හෙවත් AWS සේවාවේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා ඇතැම් පාරිභෝගිකයන්ට ඩොලර් බිලියන ගණනක අසාමාන්‍ය බිල්පත් ඇස්තමේන්තු පෙන්වා තිබෙනවා.
2026 ජූලි 17 වැනිදා AWS පාරිභෝගිකයන් කිහිපදෙනෙකුට තමන් භාවිත නොකළ Cloud සේවාවන් සඳහා ඩොලර් මිලියන සහ බිලියන ගණනක් ගෙවිය යුතු බව Billing Portal එකේ දර්ශනය වී තිබුණා. එක් පාරිභෝගිකයෙකුගේ ජූලි මාසයට අදාළ ඇස්තමේන්තුගත ගාස්තුව ඩොලර් බිලියන 2.5කට ආසන්න අගයක් ලෙස පෙන්වා තිබූ බවත් වාර්තා වෙනවා.
Amazon සමාගම පවසන්නේ මෙය සැබෑ සේවා භාවිතය හෝ සැබෑ ගාස්තු නියෝජනය නොකරන වැරදි දත්ත බවයි. ගැටලුව AWS Billing සහ Cost Management පද්ධතියේ වියදම් ගණනය කරන කොටසට සිදුකළ වෙනස්කමක් සමඟ සම්බන්ධ බව සමාගම සඳහන් කර තිබෙනවා.
අදාළ වෙනස්කම නැවත පෙර තත්ත්වයට පත් කිරීමට AWS කණ්ඩායම උත්සාහ කළත් එමඟින් ගැටලුව සම්පූර්ණයෙන් විසඳී නොමැති අතර, නිවැරදි Billing දත්ත නැවත ගණනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙම වැරදි ඇස්තමේන්තු සඳහා පාරිභෝගිකයන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නොවන බවද AWS සමාගම පවසා තිබෙනවා.
AWS SUPPORT OFFICIAL X POST
Footnotes
- AWS identified the root cause as an issue with unit pricing within the estimated billing computation subsystem. The incident affected estimated billing data displayed in the AWS Billing Console and Cost Explorer. AWS Health Dashboard





