Amazon Web Services හෙවත් AWS හි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු සහ Amazon CEO Andy Jassyගේ ප්‍රධාන උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙකු වන Dave Brown, වසර 19ක සේවා කාලයකින් පසු සමාගමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු ජූලි මාසය අවසානය දක්වා AWS හි සේවය කිරීමට නියමිත අතර, වෙනත් රැකියාවක් සඳහා සමාගමෙන් ඉවත්වන බව සඳහන්. කෙසේ වෙතත් ඔහු එක්වීමට නියමිත නව ආයතනය පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි කර නැහැ.
AWS හි Compute සහ Machine Learning සේවා මෙහෙයවූ Dave Brown වෙනුවට, අගෝස්තු 1 වැනිදා සිට Amazon හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Dave Treadwell පත් කිරීමට නියමිතයි.





