ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු සේවා ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් ලංකා බැංකුව BOC Flex Tap & Pay සේවාව හඳුන්වා දී තිබේ. මෙය ජංගම බැංකු යෙදුමක් හරහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ පළමු contactless payment පහසුකම ලෙස හඳුන්වා දී ඇත. මෙම සේවාව 2026 ජූලි 9 වැනිදා නිල වශයෙන් ආරම්භ කරන ලදී

ගෙවීම් සිදු කරන්නේ කොහොමද

BOC Flex ජංගම යෙදුම තුළ ඇති digital wallet සහ virtual card පහසුකම භාවිතයෙන් NFC පහසුකම සහිත POS යන්ත්‍ර වෙත දුරකථනය ළං කර ගෙවීම් සිදු කළ හැකිය. එම virtual card එක භාවිතයෙන් online ගෙවීම්ද ආරක්ෂිතව සිදු කළ හැකිය. මේ සඳහා සාමාන්‍ය බැංකු කාඩ්පත රැගෙන යාම අවශ්‍ය නොවේ

BOC Flex Wallet පහසුකම්

  • BOC ගිණුමකින් wallet එකට මුදල් මාරු කළ හැකිය
  • බිල්පත් ගෙවීම් සිදු කළ හැකිය
  • BOC ගිණුම් වෙත මුදල් යැවිය හැකිය
  • BOC credit card හි ගෙවිය යුතු මුදල් පියවිය හැකිය
  • Wallet එකේ මුදල් ප්‍රමාණවත් නොවන විට සම්බන්ධ කර ඇති BOC ගිණුමෙන් ස්වයංක්‍රීයව මුදල් එකතු කරන Auto Top Up පහසුකමක්ද ඇතුළත් වේ

Virtual Card පහසුකම

  • පාරිභෝගිකයන්ට virtual cards තුනක් දක්වා නිර්මාණය කර කළමනාකරණය කළ හැකිය
  • අවශ්‍ය අවස්ථාවක card එක තාවකාලිකව නවතා නැවත ක්‍රියාත්මක කළ හැකිය
  • මුදල් ලබාගන්නා ගිණුමද පහසුවෙන් වෙනස් කළ හැකිය

මෙම පහසුකම් නිසා online සහ contactless ගෙවීම් වඩාත් ආරක්ෂිතව සිදු කිරීමට හැකි වේ

ඩිජිටල් ආර්ථිකයට නව පියවරක්

BOC Flex Tap & Pay සේවාව ශ්‍රී ලංකාවේ cashless payment භාවිතය වැඩි කිරීමට සහ ඩිජිටල් මූල්‍ය සේවා ජනතාවට පහසුවෙන් ලබා දීමට උපකාරී වන සේවාවකි. මෙය ඉක්මන් ආරක්ෂිත සහ පහසු ගෙවීම් අත්දැකීමක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු පද්ධතියේ වැදගත් ඉදිරි පියවරක් බවට පත්ව ඇත.