ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, Artificial Intelligence (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් “Sri Lanka AI Week 2026” වැඩසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, මෙම ජාතික වැඩසටහන 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම වැඩසටහන Ministry of Digital Economy, GovTech Sri Lanka සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන බවද එම නිවේදනයේ සඳහන්.
මීට සමගාමීව, “Sri Lanka AI Week 2026” නිල වෙබ් අඩවියද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න විසින් එළිදක්වා තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ, මානව සංවර්ධනය ගල් යුගයේ සිට තොරතුරු යුගය දක්වා පැමිණ ඇති අතර, මේ වනවිට එය “IQ යුගය” වෙත සංක්‍රමණය වෙමින් පවතින බවයි. එම පසුබිම තුළ ශ්‍රී ලංකාව ගෝලීය තාක්ෂණික සේවාවන්හි පාරිභෝගිකයෙකු ලෙස පමණක් නොසිට, AI තාක්ෂණය හරහා සක්‍රීය නිෂ්පාදකයෙකු සහ නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත්විය යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා.
එසේම, ඩොලර් බිලියන 5ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා දේශීය IT ක්ෂේත්‍රය Research and Development (R&D) සමඟ ඒකාබද්ධ වූ AI හැකියාවන්ගෙන් ශක්තිමත් කළ යුතු බවද එහිදී සඳහන් කර තිබෙනවා.
මාධ්‍ය නිවේදනයට අනුව, Sri Lanka AI Week 2026 වැඩසටහන යටතේ Conference, Exhibition සහ Award Ceremony වැනි අංශ කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. “AI Amplified” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ AI adoption, innovation සහ investment පරිසරය වේගවත් කිරීමට අපේක්ෂා කරනවා.
තවද, ජාතික AI පරිසර පද්ධතියක් ගොඩනැගීම, දේශීය නවෝත්පාදන ශක්තිමත් කිරීම, තරුණ පරපුර සහ කර්මාන්ත ක්ෂේත්‍රය AI සමඟ සම්බන්ධ කිරීම, සහ ශ්‍රී ලංකාව කලාපීය AI මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට ගෙන යාම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතරට අයත් වෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ, මෙය හුදෙක් තාක්ෂණික සම්මන්ත්‍රණයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික දැක්ම AI මත පදනම්ව නැවත සකස් කිරීම සඳහා වූ ජාතික මට්ටමේ පියවරක් ලෙසද සැලකිය හැකි බවයි.
අදාළ නිවේදනය පහතින්.







