Coplilot ගේ ඊළඟ උපක්‍රමය වන්නේ ඔබේ පරිගණකයේ ගැටළු හඳුනා ගැනීමයි. Microsoft විසින් PC Insights නමින් නව Copilot විශේෂාංගයක් පරීක්ෂා කරමින් සිටින අතර එමඟින් ඔබට Task Manager හෝ Settings භාවිත නොකර ඔබේ පරිගණකයේ දෘඩාංග සහ මතක ධාරිතාව පිළිබඳ ප්‍රශ්න ඇසීමට AI මෙවලමක් (PC Insights) හරහා ඉඩ සලසයි. තවද පරිශීලකයින්ට CPU භාවිතය, බැටරි සෞඛ්‍යය ආදිය පිළිබඳව විමසීමට ද හැකි වනු ඇත.

Copilot PC Insights හි නවතම අංග...

PC  Insights මඟින් CPU, RAM සහ GPU භාවිතය කියවීමට, නිදහස් ගබඩා ඉඩ ගණනය කිරීමට සහ ඔබගේ බාගතකරගැනීම් හෝ ලේඛන සඳහා ෆෝල්ඩර ප්‍රමාණයන් පරීක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ. සම්බන්ධිත USB උපාංග, බාහිර ධාවක, මුද්‍රණ යන්ත්‍ර, වෙබ් කැමරා සහ පරිගණකයේ Bluetooth සහ Wi-Fi සම්බන්ධතාවල තත්ත්වය ද දැකගත හැකි වනු ඇත.

Article image
PC Insights Image

තාක්ෂණික දැනුම අඩු අයට PC Insights සැබවින්ම ප්‍රයෝජනවත් විය හැකිය.

Source·yahoo!tech