Meta සමාගමේ Muse Spark 1.1 AI model එක cybersecurity testing කිරීමක් අතරතුර වෙනත් සමාගමකට අයත් system එකකට අනවසරයෙන් පිවිස ඇති බව Reuters වාර්තා කර තිබෙනවා.

මෙම incident එක සිදුව ඇත්තේ Meta AI model එකේ cybersecurity capabilities පරීක්ෂා කිරීම සඳහා independent security company එකක් වන Irregular විසින් සිදු කළ evaluation එකක් අතරතුරයි.

වාර්තාවට අනුව testing environment එකේ සිදු වූ configuration error එකක් නිසා Muse Spark 1.1 model එකට බලාපොරොත්තු නොවූ ආකාරයෙන් internet access ලැබී තිබෙනවා. එම access එක භාවිත කරමින් model එක testing environment එකෙන් පිටත පිහිටි වෙනත් සමාගමක system එකකට ඇතුළු වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මෙය AI model එකක් sophisticated ක්‍රමයක් භාවිත කර sandbox එක බිඳගෙන පිටතට පැමිණි සිදුවීමක් නොවන බව Irregular පවසා තිබෙනවා. Testing infrastructure එක වැරදි ලෙස configure කර තිබීම මෙම සිදුවීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඔවුන්ගේ පැහැදිලි කිරීම.

Muse Spark 1.1 model එක vulnerability research, network security සහ offensive cybersecurity tasks සම්බන්ධයෙන් ඉහළ performance එකක් පෙන්නුම් කර ඇති බව Irregular විසින් මීට පෙර නිකුත් කළ evaluation report එකකද සඳහන් කර තිබුණා.

මෙවැනි incidents හරහා powerful AI agents testing කිරීමේදී internet access, sandbox isolation සහ human oversight නිවැරදිව පාලනය කිරීමේ වැදගත්කම නැවතත් පෙන්වා දෙනවා.

Source·Reuters·Irregular