පසුගියදින Facebook Live ඔස්සේ සිදුවූ අතිශය කනගාටුදායක සිදුවීමකට අදාළ වීඩියෝ දර්ශන සහ Screenshots මේ වනවිට සමාජ මාධ්‍ය තුළ නැවත නැවතත් හුවමාරු වෙමින් පවතිනවා.

කරුණාකර එම වීඩියෝ හෝ Screenshots නැවත Share කිරීමෙන් වළකින්න.

ඒවා Share කිරීමෙන්,

• මියගිය පුද්ගලයාගේ ගෞරවයට සහ පෞද්ගලිකත්වයට හානි විය හැකියි
• ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් නැවත නැවතත් මානසික පීඩාවට පත්විය හැකියි
• එවැනි දර්ශන නරඹන මානසිකව අවදානම් තත්ත්වයක සිටින තවත් පුද්ගලයෙකුට බරපතළ බලපෑමක් ඇති විය හැකියි

WHO මාර්ගෝපදේශ අනුව, සියදිවි නසාගැනීම් පිළිබඳ දර්ශන පුළුල් ලෙස ප්‍රචාරය කිරීම හා ක්‍රමය පෙන්වන ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කිරීමෙන් වැළකී, බලාපොරොත්තුව සහ උපකාර ලබාගත හැකි ආකාරය ඉදිරිපත් කිරීම වඩාත් ආරක්ෂිතයි.

වීඩියෝවක් හෝ Screenshot එකක් දැක්කොත්

Share කරන්න එපා. Download කරන්න එපා. වෙනත් Group හෝ Inbox වෙත යවන්න එපා.

Post එකේ හෝ Video එකේ ඉහළ ඇති ••• සලකුණ ඔබා,

Report post / Report video → Suicide or self-injury

යන විකල්පය තෝරා Facebook වෙත Report කරන්න. Facebook ද සියදිවි හානි සම්බන්ධ අන්තර්ගත Report කිරීමට පහසුකම් ලබාදී තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් — 119
සුවසැරිය ගිලන් රථ සේවය — 1990
ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවය — 1926
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ — 011 268 2535 / 0707 308 308

මෙම සේවාවන් මඟින් මානසික පීඩාවෙන් සිටින පුද්ගලයන්ට සහ ඔවුන්ගේ සමීපතමයන්ට උපකාර ලබාගත හැකියි.

මරණයක් ප්‍රචාරය කිරීම නොව, තවත් ජීවිතයක් බේරාගැනීමට උත්සාහ කිරීම අපගේ වගකීමයි.

කරුණාකර දර්ශන Share නොකර Report කරන්න.
අපි සංවේදීව සහ වගකීමෙන් හැසිරෙමු. 🙏