Facebook users සඳහා subscription fee එකක් ගෙවීමකින් තොරව ලබාගත හැකි Facebook Verified badge එකක් Meta විසින් හඳුන්වා දී තිබේ.

මෙම verification process එකේදී user විසින් short video selfie එකක් record කළ යුතු අතර, එය profile එකේ දැනට පවතින photos සමග පරීක්ෂා කර එකම පුද්ගලයාද යන්න තහවුරු කරනු ලබයි. Meta අනුව මෙම process එක සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත අවසන් කළ හැකිය.
Verification සම්පූර්ණ කළ පසු badge එක userගේ Profile, Facebook Marketplace, Dating සහ Groups වැනි ස්ථානවල පෙන්වනු ලබයි. ඉදිරියේදී Facebook Feed posts තුළද මෙම badge එක පෙන්වීමට Meta සැලසුම් කර තිබේ.
Facebook Verified ලබාගැනීමට user වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි විය යුතු අතර Facebook Community Standards සහ trust and safety requirements සපුරාලිය යුතුය. මෙම පහසුකම Facebook Pages හෝ Professional Mode accounts සඳහා දැනට ලබා නොදෙයි.
මෙම free badge එක paid subscription එකක් වන Meta Verified service එකෙන් වෙනස් වේ. Facebook Verified badge එකෙන් profile එක පිටුපස සැබෑ පුද්ගලයෙකු සිටින බව පමණක් තහවුරු කරන අතර, එම පුද්ගලයා Facebook විසින් අනුමත කරන බවක් හෝ සම්පූර්ණයෙන් විශ්වාස කළ හැකි බවක් එයින් අදහස් නොවන බව Meta සඳහන් කරයි.
නව feature එක මුලින් selected markets කිහිපයක eligible users වෙත අදියරෙන් අදියර rollout කරන අතර, පසුව ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ





