2026 ජූලි 19 වන අද දිනයේ Facebook වෙත පිවිසීමේදී ලොව රටවල් කිහිපයක පරිශීලකයන්ට ගැටලු ඇතිවී තිබෙනවා.

Facebook වෙබ් අඩවිය විවෘත නොවීම, Login වීමට නොහැකි වීම සහ Error පණිවිඩ පෙන්වීම වැනි ගැටලු පරිශීලකයන් විසින් වාර්තා කර තිබෙනවා. Live outage tracker එකක් වන “Down for Everyone or Just Me” වෙබ් අඩවියද Facebook සේවාවේ ගැටලුවක් ආරම්භ වී ඇති බව පෙන්වන අතර, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, පිලිපීනය සහ ඉන්දියාව ඇතුළු රටවලින් පැමිණිලි වාර්තා වී තිබෙනවා.

නෝර්වේ මාධ්‍ය ආයතනයක් වන VG ද Downdetector වෙත Facebook සම්බන්ධ පැමිණිලි ඉහළ ගොස් ඇති බව වාර්තා කර තිබෙනවා. ඇතැම් පරිශීලකයන්ට පරිගණකයෙන් Facebook විවෘත කළ හැකි වුවත් Mobile හරහා පිවිසීමට නොහැකි බවද එම වාර්තාවේ සඳහන්.

කෙසේවෙතත් Facebook.com ප්‍රධාන Server එක තවමත් ප්‍රතිචාර දක්වන බව වෙනත් වෙබ් අඩවි තත්ත්ව පරීක්ෂණයකින් පෙන්වනවා. ඒ අනුව මෙය Facebook වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ලොව පුරා Down වීමකට වඩා, ඇතැම් රටවල්, උපාංග හෝ පරිශීලක ගිණුම්වලට බලපාන තාවකාලික සේවා බාධාවක් විය හැකියි.

Source·Live Facebook outage reports