Food delivery platform එකක් වන DoorDash, තමන්ගේම Drone Delivery වැඩසටහන වන DoorDash Air නිල වශයෙන් හඳුන්වා දී තිබේ.

මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ DoorDash සමාගමට ඇමරිකාවේ Federal Aviation Administration හෙවත් FAA වෙතින් Part 135 Air Carrier Certification එක ලැබීමෙන් පසුවය. ඒ අනුව, තමන්ගේම Drone Delivery සේවාවක් commercial මට්ටමින් ක්‍රියාත්මක කිරීමට DoorDash වෙත නීතිමය අවසර ලැබී තිබේ.

DoorDash විසින්ම Drone එකක් නිර්මාණය කරයි

DoorDash Air වැඩසටහන සංවර්ධනය කරන්නේ සමාගමේ Robotics සහ Autonomous Technology අංශය වන DoorDash Labs විසිනි.

සමාගම local food සහ retail deliveries සඳහා විශේෂයෙන් නිර්මාණය කළ තමන්ගේම aircraft එකක් සංවර්ධනය කරමින් සිටියි. එහි බහුතර components ඇමරිකාවේ නිෂ්පාදනය කිරීමටද DoorDash සැලසුම් කර තිබේ.

DoorDash විසින් Drone එක පමණක් නොව, restaurants සහ අනෙකුත් merchants වෙතින් orders ලබාගැනීම, airspace coordination, routing, safety systems සහ customers වෙත packages ලබාදීම සඳහා අවශ්‍ය සම්පූර්ණ infrastructure එකද සංවර්ධනය කරනු ඇත.

Drone Delivery අවශ්‍ය වන්නේ ඇයි?

DoorDash දත්ත අනුව, 2025 වසරේදී platform එක හරහා ලබාදුන් orders අතරින් 20%කට වැඩි ප්‍රමාණයක් සැතපුම් තුනත් පහත් අතර දුරකට ගමන් කර තිබේ.

මෙවැනි mid-range deliveries සඳහා සුදුසු Dasher කෙනෙකු සොයාගැනීමට වැඩි කාලයක් ගතවන නිසා, ඒවා කෙටි දුර deliveriesවලට වඩා සාමාන්‍යයෙන් 25%කට ආසන්න කාලයක් වැඩිපුර ගන්නා බව සමාගම පවසයි.

එම orders Drones වෙත ලබාදීමෙන් delivery time එක අඩු කළ හැකි අතර, human couriers හෙවත් Dashersලාට කෙටි දුර orders වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

DoorDash පවසන ආකාරයට, 2025 වසර තුළ එහි partner Drone Delivery වැඩසටහන් හරහා සිදුකළ deliveries සඳහා ගතවූ සාමාන්‍ය කාලය මිනිත්තු 25ක් පමණ විය. ඇතැම් pilot locationsවල DoorDash order volume එකද 30%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවී තිබේ.

Dashersලා වෙනුවට Drones යොදාගන්නවාද?

DoorDash සඳහන් කරන්නේ Drones භාවිත කිරීමෙන් human delivery workers සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

DoorDash Air, Dashers, සමාගමේ Dot ground delivery robots සහ Wing හා Flytrex වැනි external autonomous delivery partners සමඟ එකම delivery network එකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Apartment buildings තුළට ගොස් orders ලබාදීම, විශාල orders ප්‍රවාහනය කිරීම සහ සංකීර්ණ delivery locations වෙත ළඟාවීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් human couriers අත්‍යවශ්‍ය බව සමාගම පෙන්වා දෙයි.

DoorDash හි Autonomous Delivery Platform එක මගින් order එකක දුර, වේගය, වියදම සහ delivery location එක අනුව එය Dasher කෙනෙකුට, Drone එකකට හෝ ground robot එකකට ලබාදිය යුතුද යන්න තීරණය කිරීමට නියමිතය.

සේවාව ආරම්භ කරන ප්‍රදේශ තවමත් අනාවරණය කර නැහැ

DoorDash Air වැඩසටහන සහ FAA certification එක නිල වශයෙන් හඳුන්වා දී තිබුණද, තමන්ගේම Drones භාවිත කරන commercial deliveries ආරම්භ කරන නිශ්චිත දිනයක් හෝ පළමු නගර පිළිබඳ තොරතුරු DoorDash තවමත් හෙළි කර නැත.

සමාගම පවසන්නේ Drone aircraft එක සහ එය DoorDash delivery network එක සමඟ ක්‍රියාකරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු 2026 වසර අවසන් වීමට පෙර අනාවරණය කරන බවයි.

Source·DoorDash