Mozilla සමාගම Firefox browser එකේ ප්‍රධාන updates නිකුත් කරන කාලසටහන සති හතරකින් සති දෙකක් දක්වා අඩු කිරීමට සූදානම් වනවා. මෙම වෙනස Firefox Desktop සහ Firefox for Android යන versions දෙකටම අදාළ වේ.
නව release cycle එක හරහා bug fixes, security සහ performance updates මෙන්ම අලුත් features දැනට වඩා ඉක්මනින් users වෙත ලබාදීම Mozilla හි අරමුණයි. ඒ සමඟ Firefox release process එක වඩාත් predictable කිරීමටද සමාගම බලාපොරොත්තු වනවා.
මෙම මාරුව Firefox 155 Beta version එකෙන් ආරම්භ වන අතර, ඉන්පසු Firefox Nightly, Beta සහ Stable Release යන සෑම development stage එකක්ම සති දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙයින් Firefox developers විසින් පෙරට වඩා දෙගුණයක් features හෝ updates නිර්මාණය කරන බව අදහස් නොවන බව Mozilla පැහැදිලි කරනවා. ඒ වෙනුවට සම්පූර්ණයෙන් සූදානම් වූ fixes සහ features වැඩි කාලයක් බලා නොසිට users වෙත නිකුත් කිරීමට මෙම කෙටි release cycle එක උපකාරී වනු ඇත.
මෙම වෙනස Firefox localization teams සඳහාද බලපෑමක් ඇති කරනවා. අලුත් text සහ interface translations සම්පූර්ණ කිරීමට ලබාදෙන අවම කාලය සති තුනකින් සති දෙකක් දක්වා අඩුවන අතර, අලුත් localization deadlines 2026 අගෝස්තු 12 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. Mozilla පවසන්නේ මෙම release schedule එක මුලදී experiment එකක් ලෙස ක්‍රියාත්මක කර feedback අනුව එහි බලපෑම නිරීක්ෂණය කරන බවයි





