ප්‍රංශ ජනාදිපති එමානුවෙල් මැක්‍රොන් ගේ උපදෙස් පරිදි සැප්තැම්බර් මස මුලදී පාසල් වර්ෂය ආරම්භ වන විට මෙම තහනම ක්‍රියාත්මකවීම අවශ්‍යවී ඇත.
ඒ අනුව වයස අවුරුදු 15ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය තහනම් කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තු කමිටුව පසුගිය සදුදා (20) පනත් කෙටුම්පතකට එකඟත්වය පල කරන ලදී.
ලොව පලමුවෙන්ම ඕස්ට්‍රෙලියාව වයස අවුරුදු 16 ට අඩු ළමුන් සදහා Facebook,Whatsapp,Tiktok ඇතුළු සමාජ මාධ්‍ය තහනමක් පැනවූ අතර මේ වන විට ප්‍රංශයද එය අනුගමනය කරමින් ක්‍රියාත්මකවී ඇත.
යුරෝපා සංගමයේ පූර්ණ සහයෝගය මේ සදහා හිමි වන අතර මෙම පනත මගින් උසස් පාසල් වල ස්මාර්ට්ෆෝන් භාවිතයද තහනම් කරනු ඇත





