GitHub විසින් තම Code Quality සේවාව නිල වශයෙන් General Availability (GA) වෙත ගෙනවිත් ඇති අතර, 2026 ජූලි 20 සිට එම සේවාව භාවිත කරන සංවිධාන සඳහා නව Billing ක්‍රමයද ක්‍රියාත්මක කර තිබෙනවා.
Code Quality යනු Pull Request සහ Repository Scan මඟින් Code එකේ Maintainability, Reliability සහ Code Coverage ගැටලු හඳුනාගැනීමට උපකාරී වන GitHub හි Built-in සේවාවක්. AI මඟින් Autofix යෝජනාද ලබාදෙන අතර CodeQL Analysis සමඟ ක්‍රියාකරනවා.
නව ගාස්තු ක්‍රමය
GitHub අනුව Code Quality සඳහා වියදම් කොටස් තුනකින් සමන්විත වෙනවා.
- Active Committer License – Code Quality සක්‍රීය කර ඇති Repository වල ක්‍රියාකාරී Developer කෙනෙකුට මසකට ඇමරිකානු ඩොලර් 10ක්.
- GitHub AI Credits – AI මත පදනම් වූ Autofix සහ AI Analysis භාවිත කරන විට Token Usage අනුව ගාස්තු.
- GitHub Actions Minutes – CodeQL Scan ක්‍රියාත්මක වන විට GitHub Actions Minutes භාවිත වෙනවා. Self-hosted Runner භාවිත කළහොත් Hosted Actions Minutes වැය නොවේ.
Active Committer කියන්නේ කවුද?
GitHub විසින් License ගණනය කරන්නේ පසුගිය දින 90 තුළ Code Quality සක්‍රීය කර ඇති Repository එකකට Commit Push කළ පුද්ගලයන් පදනම් කරගෙනයි.
GitHub App Bots මෙම ගණනයට ඇතුළත් නොවන අතර, එක් Developer කෙනෙකු Repository කිහිපයකට Commit කළත් License එකක් ලෙස පමණක් ගණන් ගන්නවා.
කාටද මේක බලපාන්නේ?
මෙම සේවාව GitHub Team සහ GitHub Enterprise Cloud සැලසුම් සඳහා පමණක් ලබාදී තිබෙනවා.
සාමාන්‍ය Public Repository භාවිත කරන Developers හෝ GitHub Free ගිණුම් භාවිත කරන්නන්ට මෙය සෘජුව බලපාන්නේ නැහැ.
දැනට Code Quality භාවිත කරන අය මොකද කරන්න ඕන?
GitHub Code Quality Preview අවධියේදී භාවිත කළ සංවිධාන දැන් Billing ආරම්භ වී ඇති බැවින්,
- Organization Billing Dashboard පරීක්ෂා කිරීම,
- GitHub Actions Usage නිරීක්ෂණය කිරීම,
- AI Credit Budget සකස් කිරීම,
- අවශ්‍ය නැති Repository වල Code Quality Disable කිරීම
වැනි දේ සිදු කිරීම සුදුසු බව GitHub නිර්දේශ කරනවා.





