Google Earth හි සැබෑ ස්ථාන පදනම් කරගෙන AI-generated images නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදුන් නව feature එක, හඳුන්වා දී දිනක් ගතවීමටත් පෙර rollback කිරීමට Google සමාගම පියවර ගෙන තිබේ.

Google විසින් 2026 ජූලි 30 වනදා හඳුන්වා දුන් මෙම feature එක, සමාගමේ Nano Banana 2 AI image-generation model එක Google Earth සමඟ ඒකාබද්ධ කරමින් නිර්මාණය කර තිබුණි.

මෙමගින් Google Earth web version එක භාවිත කරන පරිශීලකයන්ට ලෝකයේ ඕනෑම ස්ථානයක් තෝරාගෙන, එම ස්ථානයේ satellite, aerial සහ 3D imagery මත පදනම් වූ නව AI image එකක් text prompt එකක් භාවිතයෙන් නිර්මාණය කිරීමට හැකියාව ලබාදී තිබුණි.

ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා හඳුන්වා දුන් feature එකක්

Google ආයතනය මුලින්ම මෙම පහසුකම හඳුන්වා දී තිබුණේ ඉතිහාසයේ පැරණි ස්ථාන නැවත දෘශ්‍යමාන කිරීම, ඉදිකිරීම් සහ Real Estate projects සැලසුම් කිරීම, නාගරික සංවර්ධන අදහස් ඉදිරිපත් කිරීම සහ අනාගතයේදී ස්ථානයක් කෙසේ දිස්විය හැකිදැයි පෙන්වීම වැනි නිර්මාණාත්මක කාර්යයන් සඳහාය.

උදාහරණයක් ලෙස හිස් ඉඩමක නව නිවසක්, වෙළෙඳ සංකීර්ණයක් හෝ community garden එකක් ඉදිකළහොත් එය දිස්විය හැකි ආකාරය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර බැලීමට පරිශීලකයන්ට හැකිවිය.

කෙසේ වෙතත්, feature එක නිකුත් කර පැය කිහිපයක් ඇතුළත ඇතැම් පරිශීලකයන් එය භාවිත කරමින් සැබෑ ලෝකයේ සිදුවීම් ලෙස වැරදි ලෙස අර්ථකථනය කළ හැකි ව්‍යාජ දර්ශන නිර්මාණය කිරීම ආරම්භ කර තිබුණි.

ව්‍යාජ විපත් සහ යුද දර්ශන නිර්මාණය වෙයි

AI researcher Henk van Ess විසින් මෙම tool එක භාවිත කර එක්සත් ජනපද–මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේ නොපවතින සරණාගත කඳවුරු සහ ඉරානයේ ව්‍යාජ න්‍යෂ්ටික බලාගාරයක් පෙන්වන realistic images නිර්මාණය කර තිබුණි.

වෙනත් පරිශීලකයන් විසින් නොපවතින ගංවතුර තත්ත්වයන්, ගොඩනැගිලිවලට සිදු වූ ව්‍යාජ හානි සහ 9/11 ප්‍රහාරයට සමාන සිදුවීම් පෙන්වන AI-generated images ද නිර්මාණය කර තිබේ.

The Verge වාර්තාවකට අනුව, මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේ සරණාගතයන් පෙන්වන දර්ශන සහ Gaza හි රෝහලක් ආසන්නයේ බෝම්බ ප්‍රහාරයකින් ඇති වූ බව පෙනෙන ව්‍යාජ crater එකක් ද මෙම feature එක භාවිතයෙන් නිර්මාණය කර තිබුණි.

සැබෑ Google Earth imagery පදනම් කරගෙන මෙම images නිර්මාණය වීම නිසා, ඒවා Social Media platforms හරහා බෙදාහැරීමේදී සැබෑ satellite images ලෙස වැරදි ලෙස පිළිගැනීමේ අවදානමක් ඇති බවට OSINT සහ misinformation researchers පෙන්වා දී තිබුණි.

විශේෂයෙන්ම වර්තමානයේ පවතින යුදමය සහ දේශපාලනික තත්ත්වයන් සම්බන්ධයෙන් නොපවතින ප්‍රහාර, හමුදා ක්‍රියාකාරකම්, මානුෂීය අර්බුද සහ ස්වාභාවික විපත් පෙන්වන ව්‍යාජ images නිර්මාණය කිරීමට මෙවැනි tool එකක් භාවිත විය හැකි බවට දැඩි අවධානයක් යොමුවිය.

දිනක් ගතවීමට පෙර Google feature එක rollback කරයි

මෙම සිදුවීම්වලින් අනතුරුව ජූලි 31 වනදා Google සමාගම නිවේදනය කළේ, තම ප්‍රතිපත්ති උල්ලංඝනය කරන බව පෙනෙන generated imagery screenshots කිහිපයක් පරිශීලකයන් විසින් බෙදාහැර ඇති බවයි.

ඒ අනුව වඩාත් ශක්තිමත් safety guardrails ක්‍රියාත්මක කරන තෙක් Google Earth වෙතින් මෙම feature එක rollback කිරීමට සමාගම තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ feature එක ලොව පුරා Google Earth web users සඳහා නිකුත් කර දිනක් ගතවීමටත් පෙරය.

Images පොදු Google Earth map එකට එක්වී නැහැ

Google සමාගම අවධාරණය කරන්නේ පරිශීලකයන් විසින් නිර්මාණය කළ AI images, Google Earth හි ප්‍රධාන map experience එක තුළ වෙනත් පරිශීලකයන්ට පෙන්වා නොතිබූ බවයි.

එමෙන්ම නිර්මාණය කරන ලද images AI-generated බව හඳුනාගැනීම සඳහා watermark කර තිබූ බවද Google සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, screenshot එකක් හෝ නැවත edit කරන ලද image එකක් Social Media හරහා බෙදාහැරීමේදී එහි සැබෑ මූලාශ්‍රය හඳුනාගැනීම අපහසු විය හැකි බැවින්, watermark එක පමණක් misinformation වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

Google විසින් මෙම feature එක සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, වඩාත් ශක්තිමත් guardrails ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එය නැවත හඳුන්වා දෙනු ඇත්ද යන්නද නිශ්චිතව සඳහන් කර නොමැත.

Source·Google Blog·Reuters