2022 වර්ශයේ අගභාගයේදී, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ඇමරිකානු ෆෙඩරල් උපාංග වලින් Tiktok සමාජ යෙදුම ඉවත් කර දැමීම සදහා නීති සම්පාදනය කර කොන්ග්‍රසය මගින් සම්මත කිරීම සිදු කරන ලදී.

එයට හේතුව වූයේ ටික්ටොක් හි සුලු කොටස් හිමිකාරීත්වයක් දැරූ චීනයේ-බීජින් පදනම් කරගත්
ByteDance Limited ආයතනය නිසා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට බලපෑමක් සිදු වූ බවයි. ඒ අනුව ByteDance Limited ආයතනය සතු ඕනෑම යෙදුමක් සහ සපයන ලද ඕනෑම සේවාවක් එක්සත් ජනපදය තුල අත්හිටුවීම සිදුවිය.

නමුත් පසුගිය බ්‍රහස්පතින්දා (16/07/2026) එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සදහන් කලේ දැනට පවතින Tiktok අනුවාදය සදහා එය තව දුරටත් අදාල නොවන බවයි.

ඒ අනුව සේවක ඵලදායීතාව ප්‍රවර්දනය කිරීම වැනි කටයුතු නිසා සේවා ස්තාන වල ප්‍රතිපත්තිවලට අනුකූලව ඔවුන්ගේ නිල උපාංග වලට Tiktok බාගත කිරීමේ හැකියාව ඇති බව දන්වාසිටි අතර එක්සත් ජනපද ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් මෙම තහනම ක්‍රියාත්මක නොකරන ලෙස අධිකරණ දෙපාර්තමේන්තුවට නියෝග කලේය

Source·CBS News