Apple සමාගම විසින් iPhone පරිශීලකයන් සඳහා iOS 26.6 නිල වශයෙන් නිකුත් කර තිබේ. මෙය විශාල user-facing features රැසක් ඇතුළත් update එකක් නොවුවද, security improvements, bug fixes සහ මීළඟ iOS 27 update එක සඳහා අවශ්‍ය පසුබිම් සූදානම් කිරීම් ඇතුළත් වැදගත් update එකකි.

Apple සමාගමේ release notes අනුව iOS 26.6 මගින් iPhone එකේ Spotlight index එක optimize කරනු ලබයි. මෙය iOS 27 වෙත update කිරීමේදී Spotlight සහ Siri වැනි features සඳහා අවශ්‍ය device content indexing process එක වඩාත් සුමට කිරීමට සිදුකරන වෙනස්කමක් ලෙස සැලකේ.

Spotlight index එක optimize කිරීම පරිශීලකයාට සෘජුව දැකගත හැකි නව feature එකක් නොවේ. කෙසේ වෙතත්, device එක තුළ ඇති apps, photos, messages, emails සහ files වැනි තොරතුරු වේගයෙන් සෙවීමට Spotlight සහ Siri භාවිත කරන index database එක සූදානම් කිරීමට මෙය උපකාරී විය හැකිය.

Blocked Contacts සඳහා නව Alert එකක්

iOS 26.6 සමඟ iPhone එකක block කළ හැකි contacts සංඛ්‍යාවේ සීමාවට පැමිණි විට “Blocked Contacts Limit Reached” යනුවෙන් නව alert එකක් පෙන්වීමට Apple සමාගම පියවර ගෙන තිබේ.

මීට පෙර මෙම සීමාවට පැමිණි අවස්ථාවලදී contact එකක් අලුතින් block කිරීමට නොහැකි වුවද, ඒ සඳහා පැහැදිලි හේතුවක් පරිශීලකයාට පෙන්වා නොතිබුණි. නව alert එක මගින් Settings තුළින් දැනට block කර ඇති contact එකක් ඉවත් කළ යුතු බව දැනුම් දෙනු ඇත.

Security Fixes 75කට වැඩි ප්‍රමාණයක්

iOS 26.6 සහ iPadOS 26.6 තුළ security vulnerabilities විශාල සංඛ්‍යාවක් සඳහා fixes ඇතුළත් කර තිබේ. Apple විසින් නිකුත් කළ security documentation එකෙහි Kernel, ImageIO, CoreAudio, App Store, Contacts සහ Apple Neural Engine ඇතුළු system components රැසකට අදාළ දෝෂ ලැයිස්තුගත කර ඇත.

මෙම vulnerabilities අතර malicious file එකක් process කිරීමෙන් arbitrary code execution සිදුවීම, app එකකට sensitive user data ලබාගත හැකි වීම, Kernel memory corrupt කිරීම සහ system termination ඇති කිරීම වැනි අවදානම්ද ඇතුළත් වේ. 9to5Mac වාර්තාවට අනුව මෙම update එක තුළ security fixes 75කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

Apple සමාගම දක්වන පරිදි iOS 26.6 සහ iPadOS 26.6 නිකුත් කර ඇත්තේ 2026 ජූලි 27 වනදාය. iOS 26.6 update එක iPhone 11 සහ ඊට පසුව නිකුත් කළ supported iPhone models සඳහා ලබාගත හැකිය.

Anti-snatching Feature එක තවමත් Active නැහැ

iOS 26.6 beta versions තුළ හමු වූ code අනුව, unlocked iPhone එකක් හදිසියේ වෙනත් පුද්ගලයෙකු විසින් උදුරාගත් බව හඳුනාගෙන එය ස්වයංක්‍රීයව lock කිරීමේ anti-snatching security feature එකක් Apple විසින් සංවර්ධනය කරමින් සිටින බව වාර්තා විය.

කෙසේ වෙතත්, මෙම feature එක iOS 26.6 stable release එක තුළ සක්‍රිය කර නොමැත. එය ඉදිරියේදී නිකුත් කරන update එකක් සමඟ හඳුන්වාදීමට ඉඩ තිබුණද, Apple සමාගම මෙතෙක් ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Enterprise Devices සඳහා Fix එකක්

Enterprise environments සඳහා භාවිත කරන DisableAssociationMACRandomization configuration key එක සක්‍රිය කර තිබියදීත්, පරිශීලකයන්ට Private Wi-Fi Address setting එක Fixed හෝ Rotating ලෙස වෙනස් කළ හැකි වූ ගැටලුවක්ද iOS 26.6 මගින් විසඳා තිබේ.

iOS 26.6 install කිරීම සඳහා iPhone එකේ Settings > General > Software Update වෙත පිවිසිය හැකිය. Security fixes රැසක් ඇතුළත් වන බැවින් compatible iPhone භාවිත කරන පරිශීලකයන්ට මෙම update එක install කිරීම වැදගත් වේ.

Source·9to5mac