Meta සමාගම සිය Meta AI assistant එකට agent-like task automation features එක්කර තිබේ. සාමාන්‍ය chatbot එකක් ලෙස ප්‍රශ්නවලට පිළිතුරු දීම වෙනුවට, නව Meta AI එකට පරිශීලකයාගේ ඉල්ලීම තේරුම්ගෙන plan එකක් සකස් කර එහි ඊළඟ පියවරද ක්‍රියාත්මක කළ හැකිය.

Muse Spark 1.1 මඟින් බලගැන්වෙයි

මෙම features ක්‍රියාත්මක වන්නේ Meta Superintelligence Labs විසින් සංවර්ධනය කළ Muse Spark 1.1 multimodal reasoning model එක හරහාය.

Meta පවසන්නේ model එකට apps සමඟ සම්බන්ධවී, tasks plan කර, නැවත නැවත prompt කිරීමකින් තොරව කාර්යයක් ආරම්භයේ සිට අවසානය දක්වා ගෙන යා හැකි බවයි.

Calendar, Gmail සහ Recurring Tasks

නව Meta AI එකට Google Calendar සහ Gmail වැනි services සමඟ සම්බන්ධ විය හැකි බව Axios වාර්තා කරයි. ඒ අනුව calendar events පරීක්ෂා කර daily briefing එකක් සකස් කිරීම, schedule conflicts හඳුනාගැනීම සහ වෙනස් වූ plans පිළිබඳ දැනුම්දීම වැනි දෑ සිදු කළ හැකිය.

Weekly meal plan එකක්, සෑම සතියකම trend update එකක් හෝ නිශ්චිත වේලාවක daily summary එකක් ලබාදෙන ලෙස recurring task එකක්ද සකස් කළ හැකිය. Task එක එක්වරක් configure කළ පසු Meta AI එය නියමිත ආකාරයෙන් දිගටම ක්‍රියාත්මක කරන බව සමාගම පවසයි.

Research සහ Slides නිර්මාණය කිරීම

Meta AI වෙත topic එකක් ලබාදුන් විට web sources, research papers සහ Meta platforms තුළ creators හා communities බෙදාගන්නා තොරතුරු භාවිතයෙන් research report එකක් සකස් කළ හැකිය.

එම research එක presentation එකක් බවට පත් කිරීමට අවශ්‍ය නම් Meta AI හරහා slides නිර්මාණය කිරීමටද හැකිය. Report හෝ presentation එක නිර්මාණය වන අතරතුර focus එක, tone එක හෝ sections වෙනස් කරන ලෙස real time උපදෙස් ලබාදීමටත් හැකි වේ.

WhatsApp වෙතත් පැමිණීමට නියමිතයි

මෙම features දැනට Meta AI app සහ meta.ai හරහා තෝරාගත් markets කිහිපයක rollout කිරීම ආරම්භ කර තිබේ. ඉදිරි සතිවලදී තවත් රටවල් සහ platforms වෙත ඒවා පුළුල් කිරීමටත්, WhatsApp වෙතද ගෙන ඒමටත් Meta සැලසුම් කරයි.

නව update එකෙන් Meta AI සාමාන්‍ය chat assistant එකකින්, පරිශීලකයා වෙනුවෙන් tasks ක්‍රියාත්මක කළ හැකි AI agent එකක් බවට පත් කිරීමට Meta උත්සාහ කරන බව පෙනේ. කෙසේවෙතත්, OpenAI, Google සහ Anthropic වැනි competitors සතු AI agents තවමත් වැඩි පරාසයක complex tasks ක්‍රියාත්මක කරන බව Axios සඳහන් කරයි.

Source·Meta Newsroom·Reuters·Axios