AI ආරක්ෂාව සඳහා එක් වූ විශාලතම Industry Alliance එකක්

AI models සහ AI agents වේගයෙන් ව්‍යාප්ත වන පසුබිමක, NVIDIA, Microsoft, IBM, Cisco, Adobe, AMD, Dell Technologies, Intel, Oracle, Red Hat, Linux Foundation ඇතුළු technology companies සහ open-source organizations එක්ව Open Secure AI Alliance (OSAA) දියත් කර ඇත.

මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණ වන්නේ AI ecosystem එක සඳහා විවෘත, විශ්වාසදායක සහ සියලු දෙනාට භාවිත කළ හැකි security tools සහ frameworks සංවර්ධනය කිරීමයි.

Open Source Security Tools සංවර්ධනයට අවධානය

OSAA හරහා පහත ක්ෂේත්‍ර සඳහා open-source solutions සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

  • AI model vulnerability detection
  • AI software supply chain security
  • Identity සහ access management
  • Security auditing frameworks
  • AI deployment සඳහා reference architectures

මෙම tools සියල්ල open-source ආකාරයෙන් ප්‍රජාව සමඟ බෙදාගැනීමට බලාපොරොත්තු වන බව alliance එක පවසයි.

OpenAI, Google සහ Anthropic මෙම සන්ධානයේ නොමැත

මෙම alliance එකේ කැපී පෙනෙන කරුණක් වන්නේ OpenAI, Google සහ Anthropic ආරම්භක සාමාජිකයන් අතර නොසිටීමයි.

කෙසේවෙතත්, NVIDIA සහ අනෙකුත් සාමාජිකයන් පෙන්වා දෙන්නේ AI security යනු එක් සමාගමකට පමණක් විසඳිය නොහැකි ගැටලුවක් වන අතර, industry-wide collaboration අවශ්‍ය බවයි.

AI Security සඳහා නව දිශාවක්

පසුගිය සති කිහිපය තුළ AI security පිළිබඳ ගෝලීය අවධානය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව OSAA හරහා විවෘත ආරක්ෂක standards සහ tools සංවර්ධනය කිරීම AI ecosystem එකේ විශ්වාසය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.

Source - The Verge | Tom's Hardware