ඉන්දීය අගමැති Narendra Modi විසින් Facebook වෙත පළකර තිබූ වීඩියෝවක් ඉන්දියාව තුළ තාවකාලිකව නැරඹීමට නොහැකිවීම සම්බන්ධයෙන් Meta සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.
Meta spokesperson කෙනෙකු සඳහන් කර ඇත්තේ අදාළ content එක වැරදීමකින් ඉවත් වී ඇති බවත්, එය මේ වන විට නැවත Facebook platform එක තුළ restore කර ඇති බවත්ය. මෙම සිදුවීමට technical glitch එකක් හේතුවී ඇති බවද වාර්තා වේ.
ජූලි 23 වනදා පළකර තිබූ මෙම වීඩියෝවෙන් Narendra Modi ඉන්දියාවේ තරුණ පරපුර අමතමින් examination paper leaks වැළැක්වීම සඳහා දැඩි නීතිමය පියවර හඳුන්වාදීමට රජය සූදානම් වන බව ප්‍රකාශ කර තිබුණි.
වීඩියෝව නැවත restore කිරීමට පෙර, එය නීතිමය ඉල්ලීමක් හේතුවෙන් ඉන්දියාව තුළ withheld කර ඇති බව සඳහන් notice එකක් ඇතැම් Facebook usersලාට දර්ශනය වී තිබේ. කෙසේවෙතත්, Meta සමාගම පසුව පැහැදිලි කර ඇත්තේ මෙම restriction එක හිතාමතා සිදුකළ එකක් නොවන බවයි.
මෙම සිදුවීම පිළිබඳව ඉන්දීය Ministry of Electronics and Information Technology විසින් Meta සමාගමේ නිලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවද වාර්තා වේ. ඉන්දීය රජයේ නිලධාරීන් Meta ලබාදුන් මූලික පැහැදිලි කිරීම පිළිබඳව වැඩිදුර සොයාබැලීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.





