Telegram messaging platform එකේ නිර්මාතෘ සහ CEO වන Pavel Durov, රුසියාවේ නිල “Terrorists and Extremists” ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට Financial Monitoring Agency වන Rosfinmonitoring පියවර ගෙන තිබේ.
2026 ජූලි 30 වනදා Rosfinmonitoring Website එකේ පළ කළ නව designation එකක් මගින් Durovගේ නම මෙම ලැයිස්තුවට එක් කර තිබූ බව Reuters වාර්තා කරයි. මෙයට දිනකට පෙර රුසියාවේ Federal Security Service හෙවත් FSB ආයතනය ඔහුට terrorist activities සඳහා පහසුකම් සැලසීම සම්බන්ධ චෝදනා ඉදිරිපත් කර International Wanted List එකකට ඇතුළත් කරන බව ප්‍රකාශ කර තිබුණි.
FSB ආයතනය පවසන්නේ Ukrainian intelligence agencies සහ රුසියාව විසින් terrorist හෝ extremist සංවිධාන ලෙස හඳුන්වන කණ්ඩායම්, රට තුළ sabotage, attacks, mass killings සහ cyber fraud සංවිධානය කිරීම සඳහා භාවිත කළ බව කියන Telegram Channels, Chats සහ Bots ඉවත් කිරීමට Telegram පියවර නොගත් බවයි.
කෙසේ වෙතත්, මේවා රුසියානු බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා වන අතර, ස්වාධීන අධිකරණයකින් තහවුරු කරන ලද කරුණු ලෙස මේ වන විට සැලකිය නොහැක. Rosfinmonitoring ලැයිස්තුවට පුද්ගලයෙකු ඇතුළත් කිරීමද ඔහු අධිකරණයකදී වරදකරු කර ඇති බවට සමාන නොවන අතර, ඇතැම් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වන අතරතුරද පුද්ගලයන් එයට ඇතුළත් කිරීමට රුසියානු නීතියෙන් ඉඩ ලබාදී තිබේ.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් Telegram හි නිල X Account එක, Pavel Durov මැදඟිල්ල පෙන්වමින් අභියෝගාත්මකව සිටින ඡායාරූපයක් පළ කර තිබේ. Reuters වාර්තාව අනුව එය රුසියානු බලධාරීන්ගේ චෝදනාවලට Telegram විසින් ලබාදුන් ප්‍රතිචාරයක් ලෙස පළ කර ඇත.
Rosfinmonitoring ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන්ගේ රුසියාව තුළ ඇති වත්කම් සහ Bank Accounts freeze කිරීමටත්, ඔවුන්ට Financial Services ලබාදීම නතර කිරීමටත් රුසියානු බැංකු නීත්‍යනුකූලව බැඳී සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, Pavel Durovගේ නම මෙම ලැයිස්තුවට එක් කළද Telegram Platform එක තහනම් සංවිධානයක් ලෙස නම් කරන වෙනම තීරණයක් මෙතෙක් නිකුත් කර නොමැති බව රුසියානු ජනාධිපති කාර්යාලයට සම්බන්ධ Telegram Channel එකක් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම designation එක Pavel Durovට එරෙහිව වන අතර Telegram App එක රුසියාව තුළ නිල වශයෙන් තහනම් කිරීමක් නොවේ





