Telegram නිර්මාතෘ Pavel Durov විසින් සෑම Telegram යෙදුමක් තුළටම native non-custodial Gram Crypto Wallet එකක් එක් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.
මෙම පහසුකම 2026 ගිම්හාන කාලය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, Telegram භාවිතාකරුවන්ට Gram ඇතුළු Crypto වත්කම් ක්ෂණිකව යැවීමට සහ ලබාගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි. Durov පවසන්නේ ගනුදෙනු සඳහා පරිශීලකයන්ගෙන් ගාස්තුවක් අය නොකිරීමටද සැලසුම් කර ඇති බවයි. කෙසේ වෙතත්, නිශ්චිත නිකුත් කිරීමේ දිනයක් හෝ zero-fee ගනුදෙනු ක්‍රියාත්මක කරන තාක්ෂණික ක්‍රමවේදය තවමත් අනාවරණය කර නොමැත.
Non-custodial wallet එකක් යනු කුමක්ද?
Non-custodial හෙවත් self-custodial Crypto Wallet එකක private keys සහ recovery phrase පාලනය කරන්නේ අදාළ පරිශීලකයා විසිනි. Telegram හෝ වෙනත් Wallet සේවා සපයන්නෙකුට පරිශීලකයාගේ මුදල් තමන්ගේ කැමැත්තෙන් හුවමාරු කිරීමට නොහැකිය.
මේ නිසා පරිශීලකයන්ට තම Crypto වත්කම් පිළිබඳ වැඩි පාලනයක් හිමිවන නමුත්, recovery phrase එක නැතිවීමෙන් Wallet එකට සහ එහි වත්කම්වලට නැවත ප්‍රවේශ වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි විය හැකිය. Recovery phrase හෝ private key කිසිදු පුද්ගලයෙකු සමඟ බෙදා නොගත යුතු බව නිල Wallet ආරක්ෂක මාර්ගෝපදේශවලද සඳහන් වේ.
Telegram භාවිතාකරුවන් බිලියනයකට වැඩි පිරිසකට පහසුකම
Telegram විසින් නිකුත් කර ඇති තොරතුරු අනුව එහි සක්‍රීය භාවිතාකරුවන් සංඛ්‍යාව බිලියනය ඉක්මවා තිබේ. එම නිසා මෙම Wallet පහසුකම සෑම Telegram යෙදුමකටම ලබාදුනහොත්, මෙතෙක් සිදු වූ විශාලතම non-custodial Crypto Wallet rollout එකක් බවට එය පත්විය හැකිය.
Telegram තුළම Wallet එක ඒකාබද්ධ කිරීමෙන් වෙනම Crypto Wallet යෙදුමක් ස්ථාපනය නොකර, Telegram chat එකක් භාවිත කරන ආකාරයටම පුද්ගලයන් අතර Crypto යැවීමට සහ ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් Wallet එක ලබාදෙන රටවල්, සහාය දක්වන වත්කම් සහ නියාමන සීමාවන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු තවමත් ප්‍රකාශ කර නොමැත.
TON ජාලයේ native Crypto asset එක මීට පෙර Toncoin ලෙස හැඳින්වූ අතර, 2026 ජුනි 15 සිට එය Gram ලෙස නැවත නම් කර තිබේ. ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Wallet එකද මෙම Gram නාමය යටතේ හඳුන්වාදීමට නියමිතයි.
ආරක්ෂාව පිළිබඳ අවධානය
මෙම පහසුකම නිල වශයෙන් නිකුත් කිරීමට පෙර “Telegram Gram Wallet” නමින් ව්‍යාජ වෙබ් අඩවි, Bots සහ Airdrop links පළවිය හැකිය. Wallet එකක් සක්‍රීය කිරීමට යැයි පවසමින් recovery phrase, Telegram login code හෝ password ඉල්ලා සිටින කිසිදු පණිවිඩයකට එම තොරතුරු ලබා නොදිය යුතුය.





