ප්‍රසිද්ධ online payment සේවාවක් වන PayPal මිලදී ගැනීම සඳහා Stripe සහ Advent International එක්ව ඉදිරිපත් කර ඇති ඩොලර් බිලියන 53ක යෝජනාව, සමාගමේ සැබෑ වටිනාකමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව PayPal පාලක මණ්ඩලයේ මූලික අදහස වී ඇති බව Reuters වාර්තා කරනවා.
එක් කොටසකට ඩොලර් 60.50ක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව PayPal සමාගමේ මෑත කොටස් මිලට වඩා ඉහළ අගයක් වුවත්, සමාගමේ ඉදිරි වර්ධන සැලසුම් සාර්ථක වුවහොත් ලබාගත හැකි සම්පූර්ණ වටිනාකම එයින් නිරූපණය නොවන බව පාලක මණ්ඩලය සලකන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, PayPal සමාගම මෙම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර හෝ පිළිතුරක් ලබාදී නැහැ. මිලට අමතරව ගනුදෙනුව සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීම, regulatory අනුමැතිය ලබාගැනීම සහ සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් කිරීමට ගතවිය හැකි කාලය පිළිබඳවද පාලක මණ්ඩලය සලකා බලමින් සිටිනවා.
මෙම ගනුදෙනුවට අදාළව JPMorgan සහ Morgan Stanley බැංකු විසින් ඩොලර් බිලියන 50කට ආසන්න financing package එකක් සපයා ඇති බවත්, Stripe සහ Advent සමාගම් දෙක ඩොලර් බිලියන 17ක equity ආයෝජනයක් කිරීමට සූදානම් බවත් වාර්තාවේ සඳහන් වෙනවා.
ගනුදෙනුව සාර්ථක වුවහොත් Stripe සහ Advent සමාගම් දෙක PayPal සමාගමේ සමාන හිමිකාරීත්වයක් ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. Stripe සහ PayPal එකතුවීමෙන් වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 3.7කට ආසන්න ගනුදෙනු කළමනාකරණය කරන ලොව විශාලතම online payment සමාගමක් බිහිවිය හැකියි.
Stripe සහ Advent මෙම ගනුදෙනුව ඉක්මනින් අවසන් කිරීමට කැමැත්තෙන් සිටියත්, PayPal පාලක මණ්ඩලයේ අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. ඉදිරියේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වීමට ඉඩ ඇති බව Reuters වාර්තා කරනවා.





