Samsung Electronics විසින් 2026 ජූලි 22 වන දින ලන්ඩන් නුවර පැවති Galaxy Unpacked event එකේදී Galaxy Z Fold8 Ultra, Galaxy Z Fold8 සහ Galaxy Z Flip8 ඇතුළත් නව Galaxy Z series එක නිල වශයෙන් හඳුන්වාදී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ Galaxy Z Fold series එක සඳහා Samsung විසින් පළමු වරට Ultra model එකක් හඳුන්වාදීමයි. Galaxy Z Fold8 Ultra එක productivity, multitasking සහ content creation සඳහා වැඩි performance සහ විශාල foldable display එකක් ලබාදීමට නිර්මාණය කර තිබේ.

Galaxy Z Fold8 Ultra සතුව අඟල් 8ක main display එකක් ඇති අතර, device එක unfolded තත්ත්වයේදී මිලිමීටර් 4.1ක ඝනකමකින් සහ ග්‍රෑම් 215ක බරකින් යුක්ත වේ. Samsung අනුව මෙය මෙතෙක් නිකුත් කළ සිහින්ම Galaxy Z Fold device එකයි.

මෙහි 200MP main camera එකක්, 50MP ultra-wide camera එකක්, Snapdragon 8 Elite Gen 5 Mobile Platform for Galaxy processor එකක් සහ 5,000mAh battery එකක් ඇතුළත් වේ. Galaxy Z Fold8 Ultra එක 45W fast charging සඳහාද සහාය දක්වයි.

samsung-zfold-battrey
▲ Galaxy Z Fold8 Ultra’s larger 5,000 mAh battery helps users stay productive for longer, supporting a full day of work, creation and entertainment in a slimmer foldable design.

සාමාන්‍ය Galaxy Z Fold8 model එක ග්‍රෑම් 201ක බරකින් යුක්ත වන අතර, එය මෙතෙක් නිකුත් කළ සැහැල්ලුම Galaxy Z Fold device එක බව Samsung සඳහන් කරයි. එහි 4,800mAh battery එකක්, Snapdragon 8 Elite Gen 5 for Galaxy processor එකක් සහ 50MP wide හා ultra-wide cameras දෙකක් ඇතුළත් වේ.

samsung-zfold-camera
▲ Galaxy Z Fold8’s dual 50 MP cameras deliver consistent high-resolution detail across wide and ultra-wide perspectives.

Galaxy Z Flip8 එක unfolded තත්ත්වයේදී මිලිමීටර් 6.1ක ඝනකමකින් සහ ග්‍රෑම් 180ක බරකින් යුක්ත වේ. Device එක සම්පූර්ණයෙන් විවෘත නොකර notifications, shortcuts සහ AI features භාවිත කිරීමට හැකි වන පරිදි එහි FlexWindow එකද වැඩිදියුණු කර තිබේ.

Samsung විසින් Galaxy AI features නව devices තුනේ foldable form factors සඳහා optimize කර තිබේ. විශාල displays මත multitasking පහසු කිරීම, AI මගින් අදාළ actions සහ information යෝජනා කිරීම සහ Gemini Intelligence integration හරහා tasks අඩු පියවර ගණනකින් සිදු කිරීම මෙම features අතරට ඇතුළත් වේ.

Galaxy Z Fold8 Ultra, Fold8 සහ Flip8 සඳහා pre-orders තෝරාගත් වෙළෙඳපොළවල 2026 ජූලි 22 සිට ආරම්භ කර තිබේ. Devices තුනම Graphite සහ Cream colors වලින් නිකුත් වන අතර, එක් එක් model එක සඳහා වෙනම exclusive colors ද ලබාදී තිබේ.

Source·Samsung Global Newsroom·Samsung Global Newsroom