Samsung සමාගම Google Gemini AI සහිත නව Intelligent Eyewear එක Galaxy Unpacked 2026 event එකේදී හඳුන්වා දී තිබේ.

Google සමග එක්ව Android XR platform එක මත සංවර්ධනය කර ඇති මෙම Smart Glasses, Gentle Monster සහ Warby Parker යන eyewear brands සමග නිර්මාණය කර ඇත. සාමාන්‍ය glasses එකක් මෙන් දිනපතා භාවිත කළ හැකි lightweight සහ slim design එකක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙහි built-in camera එක මගින් පරිශීලකයා දකින දේ Gemini AI වෙත visual context එකක් ලෙස ලබාදිය හැකිය. ඒ අනුව මාර්ග සොයාගැනීම, අවට ඇති දේ හඳුනාගැනීම, Live Translation, දිගු messages සාරාංශ කිරීම සහ තොරතුරු හඬින් කියවීම වැනි කාර්යයන් hands-free ලෙස සිදු කළ හැකිය.

Meeting එකක whiteboard එකක් හෝ වැදගත් තොරතුරක් capture කර Samsung Notes තුළ organize කිරීම, video call එකකදී තමන් දකින දේ අනෙක් පුද්ගලයා සමග Live Share කිරීම සහ voice හෝ gesture controls මගින් device එක පාලනය කිරීමද මෙහි විශේෂත්වයන් අතර වේ.

Samsung අනුව එක් charge එකකින් පැය නවයක් දක්වා battery life එකක් ලබාගත හැකි අතර charging case එක මගින් තවත් full charges හතක් දක්වා ලබාදිය හැකිය. Device එක Snapdragon AR1 Gen 1 platform එකෙන් බලගැන්වේ.

කෙසේ වෙතත් Intelligent Eyewear එකේ මිල සහ නිශ්චිත වෙළඳපොළ නිකුත් කිරීමේ දිනය Samsung සමාගම මෙම announcement එකේදී හෙළිකර නොමැත.

Source·Samsung Newsroom