දකුණු කොරියාවේ Samsung Electronics සහ SK Group සමාගම්, ඇමෙරිකාවේ ප්‍රධාන technology සමාගම් සමඟ එකතුව $950 billion වටිනා AI සහ semiconductor initiatives කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.
දකුණු කොරියානු ජනාධිපති Lee Jae Myungගේ ප්‍රධානත්වයෙන් San Franciscoහි පැවති AI Summit එකක් අතරතුර මෙම partnerships හෙළිදරව් කර ඇත. මෙම වැඩසටහනට NVIDIA CEO Jensen Huang, OpenAI CEO Sam Altman, Anthropic CEO Dario Amodei සහ Broadcom CEO Hock Tan ඇතුළු technology industry නායකයන් සහභාගී වී තිබේ.
SK Group විසින් අත්සන් කර ඇති agreementsවල වටිනාකම $750 billionක් ලෙස සඳහන් වන අතර, එයින් $500 billionකට වැඩි කොටසක් NVIDIA සමඟ ක්‍රියාත්මක කරන AI data centers සහ next-generation memory initiative එකකට අදාළ වේ.
මෙම partnership එක යටතේ SK Hynix විසින් NVIDIA සඳහා next-generation High Bandwidth Memory හෙවත් HBM සැපයීමට සහ නව memory technologies ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. AI model training, AI agents සහ Physical AI systems සඳහා අවශ්‍ය computing performance ලබාදීමේදී HBM ඉතා වැදගත් component එකක් ලෙස සැලකේ.
SK Telecom විසින් NVIDIA Vera Rubin chips සහ SK Hynix HBM4 memory භාවිත කරන 2-gigawatt AI data center එකක් ඉදිකිරීමටද නියමිතය. එහි පළමු facility එක 2027දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර Samsung Electronics සහ Broadcom සමාගම්ද ඉදිරි වසර පහ තුළ main00 billionකට වැඩි වටිනාකමක් ලැබිය හැකි strategic collaboration එකක් සඳහා Memorandum of Understanding හෙවත් MOU එකක් අත්සන් කර ඇත.
මෙම collaboration එක Broadcomහි next-generation AI accelerators සඳහා Samsung HBM memory ලබාදීම, Samsung 2-nanometer සහ ඊට අඩු foundry process භාවිත කිරීම සහ advanced chip packaging technologies සංවර්ධනය කිරීම වැනි අංශ ආවරණය කරයි.
AI services සහ data centers සඳහා අවශ්‍ය chipsවල ඉල්ලුම වේගයෙන් වැඩිවීමත් සමඟ NVIDIA, Broadcom, OpenAI සහ Anthropic වැනි සමාගම් දිගුකාලීන chip සහ memory supply එකක් තහවුරු කරගැනීමට උත්සාහ කරමින් සිටී. මේ හේතුවෙන් Samsung සහ SK Hynix වැනි දකුණු කොරියානු semiconductor සමාගම් AI industry එකේ වඩාත් වැදගත් partners බවට පත්වෙමින් තිබේ.
කෙසේ වෙතත්, වාර්තා වන $950 billion මුදල එකවර සිදුකරන සෘජු investment එකක් නොවේ. එය ඉදිරි වසර කිහිපය සඳහා ප්‍රකාශයට පත් කළ supply agreements, partnerships, infrastructure projects සහ MOU කිහිපයක ඇස්තමේන්තුගත සමස්ත වටිනාකමයි.





