OpenAI විසින් “Sign in with ChatGPT” නමින් නව sign-in option එකක් Beta මට්ටමින් rollout කිරීම ආරම්භ කර තිබෙනවා. මෙම feature එක හරහා Google හෝ Apple account එකක් භාවිත කරන ආකාරයටම, තම ChatGPT account එක භාවිත කර supported third-party services වෙත account එකක් සෑදීමට, දැනට ඇති account එකක් link කිරීමට හෝ sign in වීමට හැකියාව ලැබෙනවා.

OpenAI නිල වශයෙන් මෙම rollout එක 2026 ජූලි 29 වැනිදා නිවේදනය කළ අතර, ආරම්භක partner services ලෙස Airtable, GitLab, HubSpot, Notion, Supabase සහ Vercel නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙය තවමත් Beta rollout එකක් නිසා සියලුම partner websites හෝ සියලුම users සඳහා එකවර button එක දිස් නොවිය හැකියි.

Supported website එකක sign-in page එකට පිවිසීමේදී “Sign in with ChatGPT” හෝ “Continue with ChatGPT” option එක දිස්වුවහොත්, ඒ හරහා තම ChatGPT account එක භාවිත කර ඉදිරියට යා හැකියි. එසේම ChatGPT plugin directory එකෙන් supported app එකක් connect කිරීමේදීත්, අදාළ service එකේ account එකක් අලුතින් සෑදීමට හෝ පැරණි account එකක් link කිරීමට මෙම feature එක භාවිත කළ හැකියි.

Partner service එකට ලබාදෙන තොරතුරු මොනවාද?

OpenAI සඳහන් කරන ආකාරයට, සාමාන්‍ය sign-in process එකේදී partner service එකට ලබාදෙන්නේ පරිශීලකයාගේ නම, email address එක සහ තිබේ නම් profile picture එක පමණයි.

මෙම sign-in process එක හරහා පරිශීලකයාගේ ChatGPT conversations, Memory, uploaded files, tokens, billing information හෝ වෙනත් ChatGPT account data ස්වයංක්‍රීයව partner service එකට ලබා නොදෙන බවද OpenAI පැහැදිලි කර තිබෙනවා.

කෙසේ වෙතත්, යම් plugin එකක් හෝ external application එකක් අමතර permissions ඉල්ලා සිටියහොත්, ඒවා sign-in permission එකෙන් වෙන්ව පෙන්වනු ලබනවා. එම access ලබාදීමට පෙර පරිශීලකයාට ඉල්ලා සිටින permissions වෙනම review කර approve කිරීමට සිදුවෙනවා.

සියලුම ChatGPT users සඳහාද?

OpenAI අනුව Sign in with ChatGPT පහසුකම authenticated ChatGPT users සඳහා globally ලබාගත හැකි identity option එකක්. නමුත් එය භාවිත කළ හැක්කේ දැනට මෙම feature එක support කරන external services තුළ පමණයි.

Enterprise සහ වෙනත් organization accounts භාවිත කරන පරිශීලකයන්ට මෙම option එක ලබාගත හැකිද යන්න අදාළ organization එකේ admin settings මතද රඳා පවතිනවා. Organization admins හට feature එක disable කිරීම, approved applications පමණක් භාවිත කිරීමට ඉඩ දීම සහ එක් එක් external application එක වෙනම approve කිරීමේ controls ලබාදී තිබෙනවා.

මෙම feature එක පුළුල්ව rollout වුවහොත්, ChatGPT account එක AI tools සහ developer platforms සඳහා පොදු digital identity එකක් ලෙස භාවිත වන ආකාරයක් දැකගත හැකි වනු ඇත. දැනට එය සීමිත partners පිරිසක් සමඟ Beta මට්ටමින් හඳුන්වා දී ඇති නිසා, ඉදිරියේදී තවත් websites සහ services මේ සඳහා එක්වීමට ඉඩ තිබෙනවා.

Source - Help Center article