ජනප්‍රියම Music Streaming platforms අතරින් එකක් වන Spotify සමාගම 2026 තුන්වන කාර්තුව සඳහා නිකුත් කළ පරිශීලක වර්ධන Forecast එක, Wall Street විශ්ලේෂකයන්ගේ බලාපොරොත්තු වූ මට්ටමට වඩා අඩු වී තිබෙනවා.
Spotify විසින් Q3 අවසානය වන විට තම Monthly Active Users හෙවත් MAUs සංඛ්‍යාව මිලියන 788ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. නමුත් Visible Alpha විශ්ලේෂකයන්ගේ සාමාන්‍ය ඇස්තමේන්තුව මිලියන 793.6ක් ලෙස පැවති බව Reuters වාර්තා කරනවා.
2026 දෙවන කාර්තුවේදී Spotify හි Monthly Active Users සංඛ්‍යාව මිලියන 777ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසරකට පෙර කාලයට සාපේක්ෂව සියයට 12ක වර්ධනයක්. Spotify Premium Subscribers සංඛ්‍යාවද මිලියන 300 සීමාව පසුකරමින්, එම කාර්තුව තුළ නව Premium Subscribers මිලියන 7ක් එක්කර ගැනීමට සමාගම සමත් වී තිබෙනවා.
තුන්වන කාර්තුවේදී Premium Subscribers සංඛ්‍යාව තවත් මිලියන 5කින් ඉහළ ගොස් මිලියන 305ක් දක්වා පැමිණෙනු ඇතැයි Spotify අපේක්ෂා කරන අතර, එම Forecast එක විශ්ලේෂකයන්ගේ බලාපොරොත්තුවට ආසන්න මට්ටමක පවතිනවා.
Spotify හි Q2 Revenue එක වසරින් වසර සියයට 14කින් ඉහළ ගොස් €4.78 billionක් වී තිබුණද, එය විශ්ලේෂකයන් අපේක්ෂා කළ €4.80 billion මට්ටමට වඩා සුළු වශයෙන් අඩුයි. සමාගම Q3 සඳහා €5 billionක Revenue එකක් සහ €670 millionක Operating Income එකක් අපේක්ෂා කරනවා. එහෙත් විශ්ලේෂකයන්ගේ Operating Income ඇස්තමේන්තුව €677.8 millionක් ලෙස පැවතුණා.
Spotify විසින් AI මත පදනම් වූ features, Marketing සහ Cloud Infrastructure සඳහා කරන වියදම්ද ඉහළ දමා තිබෙනවා. මෙම වියදම් සමාගමේ ඉදිරි වර්ධනයට උපකාරී වනු ඇතැයි Spotify බලාපොරොත්තු වුවද, කෙටි කාලීන ලාභය සහ user growth සම්බන්ධයෙන් ආයෝජකයන් අතර අවධානයක් ඇතිව තිබෙනවා.
Spotify හි දුර්වල User Growth සහ Profit Forecast නිකුත් වීමෙන් පසුව, සමාගමේ Shares අගය premarket trading අතරතුර සියයට 4ත් 6ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණා.
Premium Subscribers මිලියන 300 සීමාව පසු කිරීම Spotify සඳහා වැදගත් සන්ධිස්ථානයක් වුවද, YouTube, Apple Music, Netflix සහ AI Music platforms වෙතින් වැඩිවෙමින් පවතින තරගය හමුවේ, ඉදිරියේදී පරිශීලක වර්ධනය පවත්වාගෙන යාම සමාගමට ඇති ප්‍රධාන අභියෝගයක් බව මෙම Forecast එකෙන් පෙනී යනවා.





