Claim

සමාජ මාධ්‍ය සහ SMS/iMessage හරහා "Sri Lanka Police" නමින් වේග සීමා උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බව දන්වා payment link එකක් සමඟ දඩ මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින පණිවිඩයක් පැතිර යයි.

Verdict: Scam / Spam


අපි පරීක්ෂා කළේ කෙසේද?

මෙම පණිවිඩයේ screenshot එක පරීක්ෂා කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය 2026 ජූලි 29 දින නිකුත් කළ නිල නිවේදනය සමාලෝචනය කරන ලදී.


අපට හමු වූ කරුණු

ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ GovPay ලෙස පෙනෙන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මහජනතාවගේ මුදල් හා බැංකු තොරතුරු වංචා කිරීමේ සිද්ධීන් කිහිපයක් අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම "Sri Lanka Police" නමින් වේග සීමා උල්ලංඝනය කිරීමක් සිදු වූ බව පවසමින් SMS මගින් payment links යොමු කරන පණිවිඩ ව්‍යාජ බවද පොලිසිය පැහැදිලි කරයි.

නිල ක්‍රියාපටිපාටිය අනුව,

  • රථවාහන වරදක් සිදු වූ විට ස්ථානීය දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම,
  • හෝ නඩු පැවරීම,

යන ක්‍රමවේදයන් අනුගමනය කරයි.

ආවේක්ෂණ කැමරා මගින් වරදක් හඳුනාගත් අවස්ථාවලදී පවා SMS මගින් payment links යොමු කිරීමක් හෝ බැංකු තොරතුරු ඉල්ලා සිටීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොලිසිය නිල වශයෙන් දැනුම් දී ඇත.

තවද GovPay භාවිතා කළ හැක්කේ නිල Banking Apps සහ අනුමත Fintech Apps හරහා පමණි.


අවසාන තීරණය

මෙම SMS පණිවිඩය ශ්‍රී ලංකා පොලිසියෙන් නිකුත් කළ නිල දැනුම්දීමක් නොවේ.

මෙය GovPay සේවාව අනුකරණය කරමින් මහජනතාවගේ බැංකු තොරතුරු සහ මුදල් වංචා කිරීම සඳහා භාවිතා කරන phishing scam එකකි.

මහජනතාව කිසිදු අවස්ථාවක මෙවැනි SMS තුළ ඇති payment links භාවිතා නොකළ යුතු අතර, සැක සහිත පණිවිඩ ලැබුණහොත් ළඟම පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දිය යුතුය.