ශ්‍රී ලංකාව තුළ බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස Online gambling සහ betting සේවා පවත්වාගෙන යන වෙබ් අඩවි 24කට මෙරටින් පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හෙවත් TRCSL පියවර ගෙන තිබේ.
Digital Economy Ministry විසින් 2026 අගෝස්තු 5 වැනිදා නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයට අනුව, අදාළ වෙබ් අඩවි අවහිර කිරීම සඳහා TRCSL විසින් අගෝස්තු 4 වැනිදා සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.
මෙම නියාමන පියවර ගෙන ඇත්තේ Gambling Regulatory Authority විසින් සිදුකළ දැනුම්දීමකට අනුවය. එම අධිකාරිය 2025 අංක 17 දරන Gambling Regulatory Authority Act යටතේ ලබාදී ඇති ප්‍රතිපාදන සහ බලතල අනුව මෙම දැනුම්දීම සිදුකර තිබේ.
අදාළ පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ Online gambling සේවා පවත්වාගෙන යාම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී වේ. එවැනි ක්‍රියා පනතේ 44 වැනි වගන්තිය අනුව වරදක් ලෙස සැලකෙන බවද නිල නිවේදනයේ සඳහන් වේ.
අවහිර කිරීමට පියවර ගෙන ඇති වෙබ් අඩවි
- 1xbet.com
- betway.com/en-lk
- 22bet.com
- melbet.com
- unibet.com
- betfair.com
- dafabet.com
- bet365.com
- 1win.com
- spinbetter.com
- 10cric.com
- bc.game
- megapari.com
- pin-up.bet
- stake.com
- mostbet.com
- parimatch.com
- betwinner.com
- linebet.com
- 4rabet.com
- rajabets.com
- dbbet.com
- coldbet.com
- WinWin
මෙම වෙබ් අඩවි සඳහා ශ්‍රී ලංකාව තුළින් ලබාගන්නා Access අවහිර කිරීමට අවශ්‍ය උපදෙස් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත ලබාදී ඇති බැවින්, Internet Service Provider එක අනුව අවහිර කිරීම ක්‍රියාත්මක වන වේලාව වෙනස් විය හැකිය.
Digital Economy Ministry සහ TRCSL විසින් ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පිටින් ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද Online gambling platforms භාවිත කිරීමෙන් සහ ඒවාට මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.





