ජනප්‍රිය TV සහ Movie tracking platform එකක් වූ TV Time වසා දැමීමෙන් පසුව ඇති වූ හිඩැස පිරවීම සඳහා Bingers නමින් නව app එකක් හඳුන්වා දී තිබේ.
මෙම app එක නිර්මාණය කර ඇත්තේ TV Time හි මුල් නිර්මාතෘවරයෙකු වන Antonio Pinto විසිනි. TV Time හි ජනප්‍රිය වූ tracking සහ community features නවීන ආකාරයකින් නැවත ලබාදීම Bingers හි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.
TV Time වසා දමන විට එය ලොව පුරා මිලියන 26.4කට වැඩි වාර ගණනක් install කර තිබූ අතර, එය වසා නොදමන ලෙස ඉල්ලා පරිශීලකයන් 28,000කට වැඩි පිරිසක් online petition එකකටද අත්සන් කර තිබුණි. එහෙත් TV Time හි හිමිකාරීත්වය දැරූ Whip Media සමාගම සිය AI කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා එම සේවාව වසා දැමීමට තීරණය කර තිබුණි.
Bingers App එකෙන් කළ හැක්කේ මොනවාද?
Bingers හි ප්‍රධාන කොටස් තුනක් පවතී. පරිශීලකයන් නරඹන හෝ ඉදිරියේදී නැරඹීමට බලාපොරොත්තු වන TV Shows සහ Movies track කිරීම, නැරඹීමට අලුත් content සොයාගැනීම සහ අනෙකුත් රසිකයන් සමඟ සම්බන්ධ විය හැකි social community එකක් භාවිත කිරීම එම කොටස් වේ.
පරිශීලකයන්ට තමන් නැරඹූ episodes සහ movies සලකුණු කිරීම, watchlist එකක් සකස් කිරීම, අලුත් episodes නිකුත් වන විට notifications ලබාගැනීම සහ personalized recommendations දැකගැනීමේ හැකියාවද ලබාදී ඇත.
TV Time මෙන්ම Bingers තුළද shows සහ episodes පිළිබඳ comments පළ කිරීම, photos සහ GIFs එක් කිරීම, episodes rate කිරීම, emojis මගින් අදහස් පළ කිරීම සහ කැමතිම characters සඳහා vote කිරීමේ හැකියාව පවතී.
Spoilers දැකීමෙන් වැළකී අනෙකුත් රසිකයන්ගේ reviews සහ reactions කියවීමටද මෙහි පහසුකම් සලසා තිබේ.
TV Time දත්ත Bingers වෙත ලබාගත හැකියි
TV Time වසා දැමීමට පෙර එහි පරිශීලකයන්ට GDPR-compliant export tool එකක් හරහා තම viewing history එක download කරගැනීමට අවස්ථාව ලබාදී තිබුණි.
එම archive එක Bingers වෙත import කිරීමෙන් TV Time තුළ තිබූ watch history සහ අනෙකුත් දත්ත නැවත ලබාගැනීමට පරිශීලකයන්ට හැකි වේ.
Server වියදම් අඩු කිරීමට වෙනස් Architecture එකක්
TV Time වසා දැමීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස එහි විශාල server වියදම සඳහන් කර තිබේ. Antonio Pinto පවසන ආකාරයට premium subscription සහ advertisements මගින් ලැබුණු ආදායම එම වියදම්වලින් සියයට 10ක්වත් පියවීමට ප්‍රමාණවත් වී නොමැත.
මෙම ගැටලුව විසඳීම සඳහා Bingers නිර්මාණය කර ඇත්තේ පරිශීලකයාගේ library, viewing calendar සහ watchlist වැනි දත්තවල processing කටයුතුවල වැඩි කොටසක් පරිශීලකයාගේ device එක මත සිදු වන ආකාරයටය.
එමගින් සමාගමේ servers මත ඇතිවන බර සහ පවත්වාගෙන යාමේ වියදම අඩු කර app එක දිගුකාලීනව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වේ.
Bingers හි server වියදම් සඳහා පරිශීලකයන්ට කැමැත්තෙන් මුදල් contribute කිරීමට මුලදී අවස්ථාව ලබාදීමට නියමිතය. ඉදිරියේදී වෙනත් business model එකක් හඳුන්වාදීමටද සැලසුම් කර ඇති නමුත් එහි විස්තර තවමත් අනාවරණය කර නොමැත.
Bingers app එක මේ වන විට iPhone සහ Android devices සඳහා App Store සහ Google Play Store ඔස්සේ ලබාගත හැකිය. කෙසේ වෙතත්, Bingers හරහා TV Shows හෝ Movies stream කර නැරඹිය නොහැකි අතර එය content track කිරීම සහ community discussions සඳහා නිර්මාණය කළ app එකකි.





