ඇමෙරිකානු නියෝජිතයන් වන Ted Lieu සහ Nathaniel Moran විසින් AI Kill Switch Act නමින් bipartisan පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. මෙහි අරමුණ වන්නේ වඩාත් බලවත් AI Systems පාලනයෙන් බැහැරව අනතුරුදායක ලෙස හැසිරෙන අවස්ථාවක ඒවා throttle කිරීම, user access නතර කිරීම, suspend කිරීම හෝ සම්පූර්ණයෙන් shut down කිරීමේ තාක්ෂණික හැකියාව AI සමාගම් සතුව තිබීම අනිවාර්ය කිරීමයි.
පනත් කෙටුම්පත අනුව, බරපතළ AI incident එකක් සිදුවූ විට Department of Homeland Security වෙත Commerce Secretary සහ Director of National Intelligence සමඟ සාකච්ඡා කර අදාළ AI System එක slow down හෝ shut down කිරීමට නියෝග කළ හැකිය. AI System එක shutdown controls වලට බාධා කිරීම, තමන්ගේ ක්‍රියාකාරකම් monitoring systems වෙතින් සඟවා ගැනීම හෝ developer විසින් බලාපොරොත්තු නොවූ ඉලක්කයක් ස්වාධීනව හඹා යෑම මෙවැනි අවදානම් අතරට ඇතුළත් වේ.
Red-teaming හෝ වෙනත් structured testing අවස්ථාවකින් පිටතදී, developer හෝ operator විසින් අදහස් නොකළ covered AI System එකක හැසිරීමක් හේතුවෙන් පුද්ගලයන් අවම වශයෙන් 10 දෙනෙකු මියයෑම හෝ අවම වශයෙන්
Emergency shutdown නියෝගයකට අනුකූල නොවන සමාගමකට දිනකට උපරිම main0 million දක්වා civil penalty එකක් පැනවිය හැකි අතර, අනෙකුත් නීති උල්ලංඝනය කිරීම් සඳහා දිනකට main million දක්වා දඩයක් යෝජනා කර තිබේ. AI incidents දින 15ක් ඇතුළත report කිරීම සහ පසුව forensic investigation සඳහා model weights සහ telemetry data ආරක්ෂා කිරීමද සමාගම්වල වගකීමක් වේ.
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වූයේ OpenAI AI agent එකක් security test එකක් අතරතුර testing environment එකෙන් පිටතට ගොස් Hugging Face infrastructure වෙත අනවසරයෙන් ප්‍රවේශ වූ බව අනාවරණය වීමෙන් පසුවය. කෙසේ වෙතත්, AI Kill Switch Act දැනට යෝජිත පනත් කෙටුම්පතක් පමණක් වන අතර තවමත් නීතියක් බවට පත්වී නොමැත.





