දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණත් තමන්ගේ TIN අංකය හෙවත් Taxpayer Identification Number එක නොදන්නා පුද්ගලයන්ට, දැන් එය Online ක්‍රමයට පරීක්ෂා කර බලාගැනීමේ පහසුකම ලබාදී තිබේ.

මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයකට යාමකින් තොරව, ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතයෙන් IRD e-Services වෙබ් අඩවියට පිවිසිය හැකිය. මෙම සේවාව භාවිත කරන්නේ ඔබ දැනටමත් IRD හි ලියාපදිංචි වී තිබේදැයි පරීක්ෂා කිරීමට සහ අදාළ ලියාපදිංචි තොරතුරු ලබාගැනීමටයි.

TIN අංකය බලාගන්නා ආකාරය

පළමුව පහත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න.

IRD ලියාපදිංචිය පරීක්ෂා කිරීමේ වෙබ් පිටුව

ඉන්පසුව පහත පියවර අනුගමනය කරන්න.

  1. වෙබ් පිටුවේ ඇති Verify Registration යන්න තෝරන්න.
  2. Entity ID Type යටතේ NIC යන්න තෝරන්න.
  3. Entity ID ලෙස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න.
  4. ඔබගේ Email ලිපිනය හෝ ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න.
  5. Send OTP බොත්තම ක්ලික් කරන්න.
  6. ඔබගේ IRD ගිණුම සමඟ ලියාපදිංචි ජංගම දුරකථන අංකයට හෝ Email ලිපිනයට ලැබෙන OTP අංකය ඇතුළත් කරන්න.
  7. අවශ්‍ය ආරක්ෂක පරීක්ෂාව සම්පූර්ණ කර Search බොත්තම ක්ලික් කරන්න.

ඔබ දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්නම්, එහිදී ඔබගේ ලියාපදිංචි තොරතුරු සහ TIN අංකය පෙන්වනු ඇත.

OTP අංකය නොලැබුණහොත් කුමක් කළ යුතුද?

OTP අංකය නොලැබෙන්නේ නම් IRD පද්ධතියේ ලියාපදිංචි කර ඇති දුරකථන අංකය හෝ Email ලිපිනය පැරණි එකක් විය හැකිය. එවැනි අවස්ථාවක ඔබගේ තොරතුරු යාවත්කාලීන කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත යුතුය.

වැඩිදුර තොරතුරු සඳහා IRD ඇමතුම් මධ්‍යස්ථානයේ 1944 අංකය අමතන්න.

මෙය නව TIN අංකයක් ලබාගැනීමේ සේවාවක්ද?

නැත. Verify Registration පහසුකම භාවිත කරන්නේ ඔබ දැනටමත් IRD හි ලියාපදිංචි වී තිබේදැයි පරීක්ෂා කිරීමටයි.

ඔබට තවමත් TIN අංකයක් නොමැති නම්, IRD e-Services වෙබ් අඩවියේ ඇති Taxpayer Registration සේවාව හරහා වෙනම අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනුව බදු ගෙවීම්, ආනයන හා අපනයන කටයුතු සහ IRD සේවාවන් ලබාගැනීම සඳහා TIN අංකය භාවිත වේ.

ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්න

ඔබට ලැබෙන OTP අංකය වෙනත් කිසිදු පුද්ගලයෙකුට ලබා නොදෙන්න. සමාජ මාධ්‍ය හෝ අනවශ්‍ය වෙබ් අඩවි හරහා ඔබගේ NIC අංකය, TIN අංකය හෝ OTP අංකය හුවමාරු කිරීමෙන් වළකින්න.

TIN තොරතුරු පරීක්ෂා කිරීම සඳහා සෑම විටම ird.gov.lk යන නිල රජයේ Domain නාමය සහිත වෙබ් අඩවිය පමණක් භාවිත කරන්න.

STEP 1
STEP 2